ඊයේ රාත්‍රී 11.20 ට පමණ පකිස්තානය විසින් ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට ඩ්‍රෝනයානා සහ යුද උපකරණ භාවිතා කරමින් එල්ල කරන ලද ප්‍රහාර සාර්ථකව මැඩ පැවැත්වූ බව ඉන්දීය හමුදාව පවසයි. ජම්මු සහ කාශ්මීරයේ පාලන රේඛාව ඔස්සේ පාකිස්තාන හමුදා දේශසීමා උල්ලංඝනයන් සිදු කළ බව ඉන්දීය හමුදාව පවසා සිටී.
පන්ජාබයේ මොහාලි දිස්ත්‍රික් පරිපාලනය විසින් චන්දිගාර් මායිම් ප්‍රදේශවල වෙසෙන ජනතාවට ගෘහස්ථව රැඳී සිටින ලෙස උපදෙස් ලබා දීමට චන්දිගාර් පරිපාලනය කටයුතු කර තිබේ. පකිස්ථානය විසින් රාත්‍රියේ එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරවලින් බරමුල්ලෙහි ලගමා ගම්මානයේ වෙළඳසැල් සහ නිවාස කිහිපයකට ද හානි සිදු වී ඇත.
VIDEO
පන්ජාබ් රජය විසින් පන්ජාබ් ප්‍රාන්තයේ සියලුම අධ්‍යාපන ආයතන දින තුනක් වසා දමා ඇති අතර, පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පැවසේ. බ්‍රහස්පතින්දා රාත්‍රියේ පන්ජාබ් දිස්ත්‍රික්ක කිහිපයක විදුලිය විසන්ධි වීමක් ද දක්නට ලැබුණි. පතන්කොට්, අම්රිත්සර්, ජලන්දර්, රූප්නගර්, ෆාසිල්කා, ලුධියානා, හෝෂියාර්පූර් සහ සහිබ්සාඩා අජිත් සිං නගර් ඇතුළු පන්ජාබ් දිස්ත්‍රික්ක කිහිපයක සහ චන්දිගාර් යුනියන් ප්‍රදේශයේ මෙසේ විදුලි විසන්ධි වීමක් සිදුවී ඇත.
දිල්ලි ගුවන්තොටුපළ විසින් නිකුත් කරන ලද මගී උපදේශනයක සඳහන් වූයේ ගුවන් ගමන් මෙහෙයුම් සාමාන්‍ය බවයි. ආරක්ෂක පියවර හේතුවෙන් ගුවන් ගමන් කාලසටහන්වලට බලපෑම් ඇති විය හැකි බැවින් නිල මූලාශ්‍ර මත පමණක් විශ්වාසය තබන ලෙසද ඔවුන් මගීන්ගෙන් ඉල්ලා සිටී.
