ට්‍රම්ප් ගේ සටන් විරාම ප්‍රකාශයෙන් පැය කිහිපයකට පසු, ඉරානයෙන් ඊශ්‍රායලයට මිසයිල රැල්ලක්

දින 12ක යුද්ධය අවසන් කිරීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලය සහ ඉරානය අතර සම්පූර්ණ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කලා.


නමුත් පැය කිහිපයකට පසු ඉරානය ඉරානය විසින් මිසයිල රැළි හයක් දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසා තිබෙනවා. දකුණු ඊශ්‍රායලයේ ටෙල් අවිව් සහ බියර්ෂෙබා අසල එම පිපිරීම් සිදුවී තිබෙනවා.


එම ප්‍රහාරවලින් බියර්ෂෙබාහි පුද්ගලයින් තිදෙනෙකු මිය ගිය බව‍යි ඊශ්‍රායලයේ ජාතික ගිලන්රථ සේවය පවසා ඇත්තේ.


ඇමරිකානු ජනපති ට්‍රම්ප් සටන් විරාමය ප්‍රකාශ කිරීමෙන් පසු ඊශ්‍රායලයෙන් වාර්තා වූ පළමු මරණ සංඛ්‍යාව මෙයයි.


අද උදෑසන ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි පැවසුවේ ඊශ්‍රායලය ඉරාන ජනතාවට එරෙහි නීති විරෝධී ආක්‍රමණයන් ටෙහෙරාන් වේලාවෙන් අඟහරුවාදා අලුයම 4 ට පෙර නතර කළහොත් ඉන් පසුව ප්‍රතිචාර දැක්වීමට ඉරානයට කිසිදු අදහසක් නොමැති බවයි.


“අපගේ හමුදා මෙහෙයුම් නැවැත්වීම පිළිබඳ අවසන් තීරණය පසුව ගනු ලැබේ” අරක්චි X හි සටහනක වැඩිදුරටත් පවසා තිබෙනවා.


සටන් විරාමය බලාත්මක වීමට පෙර ටෙහෙරානය සිය අවසන් මිසයිල වටය එල්ල කළ බවයි ඉරානයේ අර්ධ නිල SNN ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබෙන්නේ.

Source – Reuters

Leave a Reply

Your email address will not be published. Required fields are marked *