ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කාම්බෝජියා තානාපතිනිය අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

නවදිල්ලියේ පිහිටි කාම්බෝජියානු තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකාව සඳහා වන කාම්බෝජ තානාපතිනි Rath Many, මැයි 16 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

තානාපති Rath Many,දෙරට අතර සෘජු ගුවන් සම්බන්ධතාවයක් ඇති කිරීම සඳහා ද්විපාර්ශ්වික ගිවිසුමක් යෝජනා කළ අතර, එමඟින් වෙළඳාම, සංචාරක ව්‍යාපාරය සහ ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමට ඇති හැකියාව ඉස්මතු කළාය. කාම්බෝජ සංචාරකයින් සඳහා වඩාත් සුදුසු ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළාය.

මෙම හමුවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ද්විපාර්ශ්වික දේශපාලන කටයුතු (නැගෙනහිර) පිළිබඳ අතිරේක ලේකම් එස්.එස්. ප්‍රේමවර්ධන, සහ එම අමාත්‍යංශයේ අග්නිදිග ආසියාව සහ මධ්‍යම ආසියානු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.ආර්. කීගල් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *