සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 22 න් පහළ යොවුන් බොක්සිං ශූරතාවලියේ නවවන දිනය වන අද දින ශ්‍රී ලංකාවට පදක්කම් බලාපොරොත්තුවක් සහිත ක්‍රීඩකයෙකු වන පසිදු මිහිරාන් තරග කිරීමට නියමිතය. ඒ කිලෝග්‍රෑම් 51 බර පන්තිය යටතේ ටජිකිස්තානයේ මෙරෝජ් සුෆිජොනොව් ට එරහිවයි.
දහවල් 12 ට ආරම්භ වීමට නියමිත පිරිමි අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 5 දෙනෙකු අද ක්‍රීඩා කිරීමට නියමිතය.
කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන් යුද හමුදාවේ සමරකෝන් දසුන්ප්‍රිය පලමු වරට උස්බෙකිස්තානයේ බෙහ්රුස් කොල්ඩොරොව්ට එරෙහිව තරඟ වදිනු ඇත.
පසිදු මිහිරාන්, උසේන් කරුණානායක, දේශාන් ජයසුන්දර සහ උසයිත් යස්මින් අර්ධ අවසන් පූර්ව වටයේ තරඟ ජයග්‍රහණය කිරීමෙන් පසු අවසන් පූර්ව වටයට අද පිවිසෙති.
කරුණායක කිලෝග්‍රෑම් 54 බරපන්තියෙන් පකිස්තානයේ උමාර් රාසා ඛාන් සමඟ ද, ජයසුන්දර කිලෝග්‍රෑම් 60 බරපන්තියෙන් කසකස්තානයේ නුරිස්ලාම් කල්ඩිබයෙව් සමඟ ද, උසයිත් කිලෝග්‍රෑම් 75 බරපන්තියෙන් කිරිගිස්තානයේ අබ්ද්‍රක්මානොව් ඩැනියෙල් සමඟ ද තරග වදී.
ඊයේ දිනයේදී පැවති අවසන් පූර්ව තරගවලින් ජයංග සංචිත් පෙරේරා, හිරුණි එරන්දිකා ප්‍රනාන්දු සහ මලිති පුන්සරා තිතගල අනෙක් විදෙස් ක්‍රීඩකයින් හමුවේ පරාජයට පත් විය.
ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවක් අද ආසියානු යොවුන් බොක්සිං වළල්ලට
