ගංවතුර පාලනයට මිලියන 30 ක වියදමින් ව්‍යාපෘති 26ක්…
ගංවතුර පාලනය සඳහා මිලියන 30 වියදමින් ව්‍යාපෘති 26 ක්‍රියාත්මක කෙරේ.ඉන් ව්‍යාපෘති 20ක් කොටිකාවත්ත මුල්ලේරියාව නගර සභාව විසින් ඉටුකිරීමට යෝජිත අතර තවත් ව්‍යාපෘති 6 ක් කොලොන්නාව නගර සභාව මඟින් සිදුකිරීමට නියමිතයි. මේ පිලිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (20) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විය.ඒ සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඇතුළු නිලධාරීන් එක් විය.
මේ වන විටත් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය විසින් ගංවතුර අවදානම් ඇති ප්‍රදේශ නිරීක්ෂණය සිදුකර ඇති බවත් ඒ සඳහා පූර්ව සූදානම් කටයුතු සූදානම් කල ඇති බවත් කොලඹ ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා පැවසීය.
ගංවතුර තත්ත්වයට අවහිර වෙන පාලම් හා බෝක්කු පවතින අතර එම අවහිරතාවය හේතුවන පාවිච්චියට නොගන්නාජල නළ ඉවත් කිරීමට හා අවහිරතා ඇති ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට නියමිතයි.
ගංවතුර පාලනය සඳහා යෝජිත ව්‍යාපෘති හරහා ප්‍රධාන වශයෙන් ඇලමාර්ග හා කාණු පද්ධති පිරිසිදුකිරීම් මාර්ග පිළිසකර කිරීම ඇතුළු ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.
ගංවතුර පාලනයට මිලියන 30 ක වියදමින් ව්‍යාපෘති 26ක්…
