සෞඛ්‍ය අංශයේ නිරතුරුවන් වෙනත් රටවලට සංක්‍රමණය වීම ශ්‍රි ලංකාවට ගැටලුවක් වී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍යය නලින් ජයතිස්ස මහතා පවසයි.
ඒ හේතුවෙන් ගෝලීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රවල ගැටළු විසදීමේ අවශ්‍යතාවයක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අමතමින් අමාත්‍යවරයා කියා සිටියි.
2022 සිට 2025 කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් 726 ක් හෙද හෙදියන් 2800ක් හා වෛද්‍ය නිලධාරීන් 116 දෙනෙකු රටවලට සංක්‍රමණය වී ඇත. එය රටට දැවන්ත පාඩුවක් බවද අමාත්‍යවරයා පවසයි.
වාර්ෂික ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන මහ සමළුව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදි පැවත්වේ. 19 වන දා සිට 27 දක්වා පැවැත්වෙන මෙම සමළුවේ තේමාව “එකම සෞඛ්‍යමත් ලොවක් යන්නයි”
ලංකාවේ ජනගහනයෙන් තෙගුණයක ප්‍රමාණයක් 2023 දී ප්‍රතිකාර සඳහා බාහිර රෝගී ප්‍රතිකාර අංශයට පැමිණ ඇත.
පුළුල් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇති අතර එමඟින් සෞඛ්‍ය සේවා සැපයීමේදී අභියෝගයක් වන ප්‍රාථමික සෞඛ්‍ය සේවා සැපයීම මගහැරීම වැළැක්වීම ප්‍රධාන අරමුණයි.
කාලෝචිත තේමාවක් පෙරදැරිව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ වාර්තාව ශ්‍රී ලංකා රජයේ ප්‍රසාදය පළ කරන බව අමාත්‍යවරයා පැවසීය.ශ්‍රී ලංකාව පසුගිය පනස් වසරක කාලයේ මුහුණ දුන් අභියෝග පිළිබඳව සඳහන් කළ අමාත්‍යවරයා මෑත කාලීනව ආර්ථික අර්බුදවලින් නිදහස් වනුයේ මහජනතාවගේ ශක්තිය සහ ගෝලීය සුහදත්වය හා සහයෝගය ඇතුව බවයි සඳහන් කළේ. ඒ සඳහා ගෝලීය ක්‍රියාකාරීන්ගේ ලැබෙන සහයෝගය පිළිබඳ අමාත්‍යවරයා අගය කළේය.
ශ්‍රි ලංකාව සෞඛ්‍ය ප්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වා දීමේදී සෞඛ්‍යමත් ලොවක් යන තේමාවට ඒකාබද්ධ වී සිටින බවත් තිරසාර සංවර්ධන ඉලක්ක කරා එළඹීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවයද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජන ඉහළ නැංවිය යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා රජයේ විවිධ අංශ සහ විෂයන් සමග සහයෝගයෙන් යුතුව කටයුතු කරන බවත්, ජාතියේ සෞඛ්‍ය ආරක්ෂා කරන බවට කැපවී ක්‍රියා කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.