මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කරයි

මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කරමින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ දින පැවති සිය රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත. දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බවයි මහ බැංකුව පවසන්නේ. මෙම ලිහිල් කරන ලද මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය, ගෝලීය අවිනිශ්චිතතා සහ පවතින අඩු උද්ධමන පීඩන මධ්‍යයේ උද්ධමනය 5%ක ඉලක්කය කරා ළඟාවීම සඳහා සහාය වනු ඇතැයි මහ බැංකුව සඳහන් කරයි. මහ බැංකුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *