ශ්‍රී ලාංකික පුරවැසියන්ට විදේශ රටවලදි තම රියදුරු බලපත්‍රය භාවිතා කිරීමේදි අභියෝග රැසකට මුහුණපෑමට සිදුව තිබේ. ඊට විසඳුම් වශයෙන් රටවල් අතර නව්‍යකරණයට ලක්වන ප්‍රමිතීන්ට අනුකූලව බලපත්‍ර ආකෘති සම්බන්ධ ව රජයේ අවධානය යොමු කර ඇත.අවිධිමත් රියදුරු බලපත්‍ර ආකෘති තුළින් ගැටලු මතුව ඇතැයි පසුගියදා ඒ පිලිබඳව කල සාකච්ඡාවකදි කරුණු අනාවරණය විය. සාකච්ඡාව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඇතුලු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්විය.
ජාත්‍යන්තර නිමාවකින් ප්‍රමිතිගතව නිවැරදි බලපත්‍ර ආකෘතියක් සහිත දේශීය බලපත්‍ර පද්ධතිය නවීකරණය හා ඩිජිටල් කිරීම කෙරෙහි අවශ්‍යතාවය ද සාකච්ඡාවේදී අවධාරණය යොමු වේ.
නව්‍යකරණය වන ශ්‍රි ලාංකිකයන්ගේ විදේශ රියදුරු බලපත්‍රය
