දිවයින පුරා යෞවන සමාජ 14033ක් පිහිටුවන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඊට අමතරව ප්‍රාදේශීය මණ්ඩල 337 ක් යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩල 26 ක් පිහිටුවීමටත් නියමිතයි.
ජාතික තරුණ දිනයට සමගාමීව හෙට සිට 31 දින දක්වා ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් මෙම යෞවන සමාජ පිහිටු වීමට කටයුතු යොදා දැත.
මේ වසරේ අගෝස්තු 12 වන දින ජාත්‍යන්තර තරුණ දින ජාතික තරුණ සමුළුව පැවැත්වීමට නියමිතයි. එය ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව සුගත දාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පවත්වන බව අමත්‍යංශය පවසයි.
මේ කරුණු අනාවරණය කිරීම තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය සහ තරුණ සේවා සභාව එක්ව අද ප්‍රවෘත්ති සාකච්ඡාව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණ සේකර මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.
Youth Club මෙරට තරුණ තරුණියන්ට ගනුදෙනු කළ හැකි කුඩාම ස්ථානය බවට පත් කරන බව අමාත්‍යවරයා පැවසීට.
එමගින් තෘප්තිමත් තරුණයන් ඇති කිරීම අමාත්‍ය වරයාගේ අරමුණ විය . කලාව, සාහිත්‍ය, තාක්ෂණය, වෘත්තීය අධ්‍යාපනය, ක්‍රීඩාව ආදී වූ ක්‍රේෂ්ත්‍ර මගින් තරුණ හැකියාවන් වර්ධනය කිරීම මෙමගෙන් අපේක්ෂා කරයි. ග්‍රාම සේවා වසම් මට්ටමින් Youth Club සමඟ සම්බන්ධ වීමෙන් ජාතික මට්ටම දක්වා පැමිණීමට හැකියාව ලැබෙන බවත්, ඉන්පසු ජාත්‍යන්තරය ජයග්‍රහණය කිරීමට තරුණයන්ට අවස්ථාව උදා වේ.
Youth Club පිහිටු වීමේ පළමු පියවර සෑම ප්‍රදේශයකම ආරම්භ කරන ලෙස ඊට අදාළ නිළධාරීන්ට මේවනවිටත් උපදෙස් දී ඇතයි තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න මහතා මෙහිදී පැවසීය.