ගත්ත ණය ට්‍රිලියන 20කට වැඩි මුදලකට වෙච්ච දෙයක් නෑ

රුපියල් ට්‍රිලියන 20කට අධික මුදලක් ආගිය අතක් නොමැති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරිප්පෙරුම අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විගණකාධිපතිවරයා විසින් සොයා බලන ජාතියේ ශේෂ පත්‍රයේ මේ බව සඳහන් වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මේ වන තෙක් රටේ ණය කළමණාකරණය සිදුවී නොමැති බව පෙනී යන බවත් එලෙස ලබා ගත් ණය නිසි ලෙස සටහන් කර විගණනය කළානම් මේ රට මේ තත්වයට පත් නොවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *