කටුනායක වසා දැමූ ආයතනයේ සේවකයින්ට වන්දි සහ රැකියා

කටුනායක වසා දමා ඇති ඇඟළුම් ආයතනයේ සේවකයින්ට ලබා දෙන වන්දියට අමතරව කාලසීමාව අනුව අමතර වන්දියක්ද ලබා දීමට එම ආයතනය කටයුතු කර ඇතැයි කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඊට අමතරව කටුනායක අවට තිබෙන වෙනත් ආයතනවලින් සේවය අහිමි වූ එම සේවකයින්ට රැකියා ලබා දීමටද කටයුතු කර ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

එම ආයතනයේ කළමනාකාරීත්වය සහ ආයෝජන මණ්ඩලය අතර ඊයේ සාකච්ඡාවක් පැවැත්වූ බවත් සේවකයින් සමඟද සාකච්ඡාවක් පවත්වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම ආයතනය වසා දැමීම නිසා රටේ ආයෝජනවලට කිසිදු බලපෑමක් සිදු නොවන බවද ඔහු අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *