Hot News

උතුරු පළාත් සමුපකාර සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රගතිය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පරීක්ෂාවට

රට තුළ සමුපකාර පුනරුදයක් ගොඩනැගීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය ගෙන…

Hot News

නඩත්තු කටයුත්තක් හේතුවෙන් පේරාදෙණිය – මහනුවර අතර දුම්රිය ධාවනය සීමා කිරීමක්

දුම්රිය හරස් මාර්ගයක සිදුකරන නඩත්තු කටයුක්තක් හේතුවෙන් සැප්තැම්බර් මස 05 වනදා සිට 07 වනදා දක්වා…

ප්‍රභල භූ කම්පනයෙන් ඇෆ්ගනිස්තානයේ 20ක් මියයයි 100කට තුවාල

ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබල භූ කම්පන තත්ත්වයකින් මේ වන විට පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රික්ටර් මාපකයේ 6.0ක ප්‍රබලත්වයෙන් කිලෝමීටර් 8ක ගැඹුරකින් මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හටගත් භූ කම්පන තත්ත්වයෙන් පසු ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.

හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අද CID යට

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (01) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

ඒ අනුව ඒ මහතාට අද පෙරවරු 9ට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවීම සිදුකර තිබේ.

සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ ‍වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වී ඇත්තේ නිල ආරාධනයක් අනුව බවත් එය යළිත් වරක් තහවුරු කර ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පසුගිය 22 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව අගෝස්තු 26 වැනිදා ඒ මහතා ඇප මත මුදා හැරිණි. 

මගීන්ට අධිවේගෙන් නීතියක් අද සිට

අධිවේගී මාර්ගයේ බස් රථ තුළ සිටින මගීන් ආසන පැටි පැළ දීම (01) අද සිට අනිවාර්‍ය කර ඇති අතර එය නොපිළි පදින අය වෙනුවෙන් රජ නීති ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත

අද වහීද?

සබරගමුව පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව සඳහන් වේ.

ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ.

දෘශ්‍ය ලෙස සුර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 වන දින දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. 

ඒ අනුව අද (01) දින දහවල් 12:10 ට මුදලෛපලයි, බලගොල්ලාගම, රාජාංගනය, එප්පාවල, මැදිරිගිරිය, පල්ලිත්තිඩාල්, වාකරේ ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී

වසරක් තුළ විශේෂඥ වෛද්‍යවරුන් විසිහතරක් රට හැර ගිහින්

වසරක් තුළ විශේෂඥ වෛද්‍යවරුන් විසිහතරකට ආසන්න පිරිසක් රට හැර යාම නිසා ග්‍රාමීය සෞඛ්‍ය පද්ධතියට බාධා එල්ල වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.


අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව කියා සිටියා.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව – සභාපති – වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය

චීනයේ පැවැත්වීමට නියමිත විසි තුන්වන ආසියානු කරාතේ ශූරතාවලිය

චීනයේ පැවැත්වීමට නියමිත විසි තුන්වන ආසියානු කරාතේ ශූරතාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම සමූහ ඡායාරූපයට පෙනී සිටීම අද සිදු කෙරුණා.


කණ්ඩායමේ සාමාජිකයන් වෙත ගුවන් ටිකට් පත් ලබාදීම ද සිදු වුණා.

23 වන ආසියානු කරාතේ ශූරතාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සැප්තැම්බර් දෙවන දින චීනය බලා පිටත් වීමට නියමිත අතර සැප්තැම්බර් මස 5,6 සහ 7 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි.


ජාතික කණ්ඩායම නියෝජනය කරමින් චීනය බලා පිටත් වන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 දෙනා අතර කාතා සහ කුමිතේ යන ඉසව් සඳහා ද මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩකාවන් ඉදිරිපත් වනවා.

වත්මන් රජයෙන් ගොවියා මහපාරට දමා රණවිරු දඩයම පටන්ගෙන තියෙන්නෙ

වත්මන් රජයෙන් ගොවියා මහපාරට දමා රණවිරු දඩයම පටන්ගෙන තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.
මාතලේ දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් සංවිධායක නිශාන්ත ඩයස් බණ්ඩාර ඇතුළු කණ්ඩායමක් මෙම උත්සවය සංවිධාන කොට තිබුණා.


දේශීය ලොකුලූණු, අර්තාපල් සහ වී ගොවීන් මෙන්ම ලාංකික ගොවියාට රජය විසින් ලබා දුන් පොරොන්දු කිසිවක් වර්තමාන රජය විසින් ඉටු නොකරන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා. මේ අතර විදේශ රටවලින් ගෙන්වන භෝග සඳහා ඉඩ ලබා දී දේශීය ගොවියා විනාශ කිරීමේ සැලසුම ක්‍රියාත්මක වන බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

පවත්නා රජය පළාත් සභා මැතිවරණය පවත්වාවි

වර්තමාන රජය ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පවත්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා පවසනවා.


මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

උතුරු පළාත් සමුපකාර සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රගතිය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පරීක්ෂාවට

රට තුළ සමුපකාර පුනරුදයක් ගොඩනැගීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය ගෙන යන විධිමත් වැඩපිළිවෙළ උතුරු පළාත තුළ ද වඩාත් සක්‍රීය වී තිබේ.

එහි තවත් ඉදිරි පියවරක් ලෙස උතුරු පළාතේ සමුපකාර සමිති හා සංගම් සෘජු ලෙස අධීක්ෂණය කර එහි කටයුතු වඩාත් විධිමත් ව මෙහෙවීම හා නියාමනය කිරීමේ අරමුණෙන් උතුරු පළාතේ සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන් සහ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ (30) උතුරු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි.

මෙහිදී උතුරු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් ඇතුළු යාපනය, වවුනියාව, කිලිනොච්චිය, මුලතිව් හා මන්නාරම යන දිස්ත්‍රික්වල සහකාර සමුපකාර සංවර්ධන කොමසාරිස්වරුන් සමඟ ඒ ඒ දිස්ත්‍රික්වල ප්‍රගතිය පරීක්ෂා කරමින් උතුරු පළාතේ සමුපකාර සංවර්ධනයේ ඉදිරි වැඩසටහන් පිළිබඳව පූර්ව සැලසුම් සකස් කෙරිණි.

සමුපකාර ව්‍යාපාරයේ අනාගත සංවර්ධන ඉලක්ක හා ප්‍රමුඛතා, ජනතා අපේක්ෂා හා ව්‍යාපාරික ශක්තීන්, සමුපකාර සමිති හා සංගම්වල ධාරිතා සංවර්ධන කටයුතු, දැනට හඳුනාගෙන ඇති ගැටලු හා අභියෝග, ඉදිරි සැලසුම් හා යෝජනා ආදිය පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය කරන ලදී.

එසේම උතුරු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමුපකාර සංවර්ධන නිලධාරී සේවය ඇතුළු විවිධ තනතුරුවල පවතින පුරප්පාඩු පිරවීම කඩිනමි කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව උතුරු පළාතේ ක්‍රියාත්මක වන ළූණු, තල්, පොල් ආදී බෝග ආශ්‍රිත නිෂ්පාදන සමුපකාර සමිති හා සංගම් කීපයක් නිරීක්ෂණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා එම සමිතිවල අවශ්‍යතා හා ගැටලු පිළිබඳව විමසා බැලීමට ද කටයුතු කළේ ය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ උපදේශක ශාන්ත ජයරත්න මහතා ඇතුළු උතුරු පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන් රැසක් සහභාගී වී සිටිය හ.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් පේරාදෙණිය – මහනුවර අතර දුම්රිය ධාවනය සීමා කිරීමක්

දුම්රිය හරස් මාර්ගයක සිදුකරන නඩත්තු කටයුක්තක් හේතුවෙන් සැප්තැම්බර් මස 05 වනදා සිට 07 වනදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර අතර දුම්රිය ධාවනය සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.