ගාසා තීරයේ දින 60ක සටන් විරාමයක් අවසන් කිරීම සඳහා “අවශ්‍ය කොන්දේසි” වලට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශවයන් සමඟ කටයුතු කරන බව Truth Social හි සටහනක තබමින් ඔහු ප්‍රකාශ කළා.
ලබන සතියේ පැවැත්වීමට නියමිත ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට පෙර ට්‍රම්ප්ගේ මෙම නිවේදනය නිකුත් වීම විශේෂත්වයක්.
නමුත් හමාස් සංවිධානය සටන් විරාමයේ කොන්දේසි පිළිගන්නේද යන්න තවමත් පැහැදිලි නැහැ.
2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරයේ හමුදා මෙහෙයුමක් දියත් කළා.
එහිදී පුද්ගලයින් 1,200 ක් පමණ මිය ගොස් තිබෙනවා. එතැන් සිට ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 56,647 ක් මිය ගොස් ඇති බව ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.