Hot News

අනුරාධපුර මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන, ඒවාට කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින්…

අනුරාධපුර මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවීමට ඒකාබද්ධ වැඩපිළිවෙළක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන, ඒවාට කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින් පවත්වන ලද 16 වැනි දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම, ධීවර නියෝජ්‍ය අමාත්‍ය ගරු රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත කුමාර නවරත්න, නිමල් පලිහේන යන මහත්වරුන්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා, අදාළ අමාත්‍යාංශවලට අනුබද්ධ ආයතන වන ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA), ලංකා ධීවර සංස්ථාව, සීනෝර් පදනම (CEYNOR Foundation), ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය සහ වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන් සහ දිස්ත්‍රික්කයේ ධීවර සමිති නියෝජිතයින් රැසක් සහභාගී වූහ.

මෙහිදී මිරිදිය ධීවර ප්‍රජාවගේ ගැටලු සාකච්ඡාවට ලක්විය. නීතිවිරෝධී ධීවර කටයුතු, ප්‍රමිතියෙන් තොර සහ තහනම් දැල් භාවිතය, වැව් බදු දීමේ ක්‍රියාවලියේ පවතින ගැටලු, මත්ස්‍ය පැටවුන් බෙදාහැරීමේ ප්‍රමාදයන්, ගොවි සහ ධීවර සංවිධාන අතර සහයෝගීතාව නොමැති වීම, මෙන්ම අතරමැදියන්ගේ සූරාකෑම් සහ අලෙවි පහසුකම්වල හිඟතාව වැනි මිරිදිය ධීවර ප්‍රජාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු රැසක් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

වැව් බදු දීම සඳහා විධිමත් හා විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් සකස් කිරීම, මත්ස්‍ය පැටවුන් අවශ්‍යතාවයට සරිලන පරිදි කඩිනමින් ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කිරීම, ගොවි සහ ධීවර ප්‍රජාව අතර අවබෝධය ගොඩනැගීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීම, අතරමැදියන්ගේ බලපෑම අවම කරමින්, ධීවරයාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබා දීම සඳහා ධීවර සංස්ථාවේ මැදිහත්වීම ශක්තිමත් කිරීම, ධීවර යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ආදී ලෙස මෙම ගැටලු සදහා කඩිනම් විසඳුම් ලබා දීමට මෙහිදී තීරණ ගණනාවක් ගන්නා ලදී.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, “අපගේ අරමුණ වන්නේ සියලුම රාජ්‍ය ආයතන සහ පළාත් සභාවල සහයෝගය ලබාගෙන, ධීවරයා මුහුණ දෙන ගැටලු එම ස්ථානයේම විසඳීමයි. අතරමැදියන්ගෙන් තොරව ධීවරයාට ඉහළ ආදායමක් සහ පාරිභෝගිකයාට සාධාරණ මිලක් ලබා දෙමින්, මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නංවා, එහි ප්‍රතිලාභ සැමට සමසේ බෙදී යන ක්‍රමවේදයක් සකස් කිරීම තුළින් මෙම කර්මාන්තය යළි ගොඩනැගීමට අපි කැපවී සිටිනවා” යනුවෙන් ප්‍රකාශ කළේය.

ළමා ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් පාසල් දරුවන් දැනුවත් කිරිමේ වැඩ සටහනක් පසුගිය දා අනුරාධපුර ඩී.ඒස්. සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ 3,4 වසර වල අධ්‍යනය කටයුතු හදාරන දරුවන් පිරිසකට සිදුකරන ලදී.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරි මහේන්ද්‍ර දසනායක මහතාගේ මුලිකත්වයෙන් නිලධාරින් පිරිසක් එකම වේළාවේ පත්ති කඔර සියල්ල ආවර්ණය වන අයුරින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරිම සිදුවිය.

අනුරාධපුර සහකාර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න යසරත්න මහතාගේ සංකල්පයකට අනුව විදුහල්පති එස්.ඩබ්. සේනානායක මහතාගේ ආරාධනයෙන්, තත්ත්ව කව සංවර්ධන වැඩසටහන යටතේ මෙම වැඩ සටහන පැවැත්වීය . දරුවන් ආරක්ෂා විය යුතු ආකාරය, නවීන තාක්ෂණයේ අහිතකර බලපෑමෙන් මිදී සිටීම , තමාට ඇති අයිතිවසිකම්, යුතුකම් හා අපයෝජන වලින් ආරක්ෂා විම ආදිය ගැන ළමා මනසට ගැළපෙන අයුරින් විවිධ උපක්‍රම භාවිතයෙන් පැහැදිලි කිරිමී මෙහි දි සිදුකළේ ය.

පත්ති කාමර 10 ක් තුළ ළමුන් දැනුවත් කිරිම මෙහි දි සිදුවිය. ළමුන් 400 කට වැඩි පිරිසක් මේ සදහා ඉලක්ක කණ්ඩායම් වශයෙන් සම්බන්ධ වූහ . ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු ළමා රක්ෂක නිලධාරින් විසින් මෙම දැනුවත් කිරීීම සිදුකරනු ලැබී ය.

අද දිස්ත්‍රික්ක කිහිපයකට වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ් බව සඳහන් කරයි.

එසේම ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි සඳහන් වන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50  ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ද ඇතිවිය හැකිය.

තද සුළං හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

ලංකා පිලෙන් සිම්බාබ්වේට ලකුණු 299ක ඉලක්කයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය හරාරේ හිදී මේ වන විට පැවැත්වෙයි.

එහිදී කාසියේ වාසිය ලබා ගත් සිම්බාබ්වේ ක්‍රිකට් නායක සෝන් විලියම්ස්ගේ ආරාධනය පරිදි පළමුවට පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 298ක් ලබා ගන්නට සමත්විය.

ලකුණු ලබා ගැනීමට දැඩි ආයාසයක් දැරීමට සිදුවූ මෙම තණතිල්ලේ මුල් පන්දුවාර 10 තුළ දී ශ්‍රී ලංකා පිලට ලබා ගැනීමට හැකියාව ලැබුණේ එක් කඩුල්ලක් දැවී ලකුණු 29ක් පමණි. 

අද දින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු නිෂාන් මදුෂ්කට ලකුණු නොලබාම පිටියෙන් ඉවත්වන්නට සිදුවූ අතර දෙවැනි කඩුල්ල සඳහා පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් අගනා ලකුණු 100ක සබඳතාවක් පවත්වන්නට සමත් විය. 

එහිදී පැතුම් නිස්සංක ලකුණු 76ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 38ක් ලබාගන්නට සමත්වූහ.

තරගයේ 36 වැනි පන්දුවාරයේ දී ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ලකුණු 6කට දැවී ගිය අතර ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 161ක් ලෙසින් සටහන්ව තිබුණි.

කෙසේවෙතත් ඉන් අනතුරුව පිටියේ සිය අණසක පතුරුවන්නට ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරුවන් වූ ජනිත් ලියනගේ සහ කමිඳු මෙන්ඩිස් සමත් වූයේ ශ්‍රී ලංකා පිලේ පන්දුවාර 50 අවසානයේ දී ලකුණු 298ක අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කරමිනි.

එහිදී ජනිත් ලියනගේ පන්දු 47කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 70ක් සහ කමිඳු මෙන්ඩිස් හයේ පහර දෙකක් සහ හතරේ පහර 4ක් සමඟින් පන්දු 36කදී ලකුණු 57ක් ලබාගන්නට සමත්විය. 

ජනිත් ලියනගේ සහ කමිඳු මෙන්ඩිස් දියත් කළ මෙම ප්‍රවේගකාරී ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා පිලට සිය අවසාන පන්දු වාර 5 තුළ දී ලකුණු 65ක් ලබා ගැනීමට හැකියාව ලැබුණි.

පන්දු යැවීමේ දී සිම්බාබ්වේ පිල වෙනුවෙන් රිචඩ් න්ගරාවා කඩුලු 2ක් සහ බ්ලෙසින් මුසරබානි, ට්‍රෙවර් ග්වන්ඩු, සිකන්දර් රාසා සහ සෝන් විලියම්ස් කඩුලු 1 බැගින් දවා ගැනීමට සමත්වූහ.

මේ අනුව ජයග්‍රහණය සඳහා පන්දුවාර 50ක් තුළ දී ලකුණු 299ක් සිම්බාබ්වේ පිල විසින් ලබා ගත යුතුව ඇත.

රනිල් රෝහලෙන් පිටව යයි

ප්‍රතිකාර ලබමින්සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික රෝහලෙන් පිටවයයි.




ශෂීන්ද්‍ර යළිත් රිමාන්ඩ්

දූෂණය නමැති චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කෙරුණි.

ඒ අනුව සැකකරු ලබන 12 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අද (29) නියෝග කළේය. 

රතන හිමි රිමාන්ඩ්

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද (29) දහවල් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම නඩු විභාගය පැවැත් වේ.
 

කොච්චිකඩේ පොලීසියට භාරවූ නිමල් ලාන්සා අත්අඩංගුවට

ඒ අනුව, අද (29) පෙරවරුවේ කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත භාර වීමෙන් පසුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

රතන හිමි නුගේගොඩ අධිකරණයට

අතුරලියේ රතන හිමි අද (29) පෙරවරුවේ නුගේගොඩ ම‍හේස්ත්‍රාත්  අධිකරණයට පැමිණ තිබේ.

රාජිත රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය, සේනාරත්න මහතාව අද දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළාය.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනතුරු ඒ මහතාව රිමාන්ඩ් භාරයේ තබාගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියම කර ඇත.

ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණි.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. 

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු මේ වන විට මෙම නඩුව සම්බන්ධයෙන් ඇප මත මුදාහැර තිබෙන බවත් ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළාය.

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම සැකකරු දිගින් දිගටම ප්‍රකාශ ලබාදීමට පැමිණීම මඟහැරීම හේතුවෙන් ඉකුත් අගෝස්තු මස 12 වනදා මෙම විත්තිකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගෙන තිබෙන බව නීතිඥවරිය පැවසුවාය. 

එම නිසා මෙම විත්තිකරු ඇප පනත යටතේ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති හෙයින් මෙම නඩුව සඳහා ඔහුට ප්‍රදානය කර තිබෙන ඇපය අවලංගු කර විත්තිකරු රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය ඉල්ලා සිටියාය. 

මෙහිදී රාජිත සෙනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඉල්ලීමට තමන් තරයේ විරුද්ධ වන බව පැවසුවේය.

ඇප පනත යටතේ තම සේවා දායකයාගේ ඇප අවලංගු කිරීමට තරම් කරුණු කිසිවක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නොමැති බව ඔහු කියා සිටියේය.

අල්ලස් කොමිසමට අවශ්‍ය වන්නේ මේ වගේ පුද්ගලයන් දිගින් දිගටම රිමාන්ඩ් භාරයට පත් කිරීමට බවත් ඊට ඉඩදිය නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

තම සේවා දායකයා සෑම නඩු දිනයකම අධිකරණය හමුවේ නොකඩවා පෙනී සිටි බවත් ඔහු අධිකරණයට ගරු කරමින් අද දිනයේත් මෙම අධිකරණයට පැමිණ තිබෙන බවත් පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා ඔහුගේ ඇපය අවලංගු කිරීමට නොහැකි බව කියා සිටියේය. 

මෙය අල්ලස් කොමිසමේ අසාමාන්‍ය ක්‍රියා කලාපයක් යැයි චෝදනා කළ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අල්ලස් කොමිසමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී විනිසුරුවරිය ජනාධිපති නීතිඥවරයාට සඳහන් කළේ පුද්ගලික පහරදීම් සිදුකිරීමෙන් වළකින ලෙසය. 

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය මෙම සැකකාර රාජිත සේනාරත්න මහතා මෙම නඩුව සඳහා මුල පටන් අඛණ්ඩව පෙනී සිට ඇති බව නඩු වාර්තාව පිරික්සීමේදී පෙනී යන බව සඳහන් කළාය. 

ඒ අනුව ඇප පනතේ 14 (2) වගන්තිය ප්‍රකාරව මෙම සැකකරු විසින් අධිකරණයට නොපැමිණීමක්, බලපෑම් කිරීමක්, අයුතු මැදිහත් වීමක් සිදුකරන තිබෙන බවට තම අධිකරණයට කරුණු පෙනී නොයන බව විනිසුරුවරිය සඳහන් කළාය. 

වෙනත් නඩුවකට මෙම සැකකරු පෙනී නොසිට තිබෙන බව පැවසුවද මෙම අධිකරණය හමුවේ ඔහු නොකඩවා පෙනී සිට ඇති බැවින් ඔහු අධිකරණය මඟහැරීමක් සිදුකර නොමැති බව පැහැදිලි වන බවත් විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව මෙම නඩුව සඳහා ඇප අවලංගු කිරීමට තරම් සාධාරණ කරුණු මේ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් වී නොමැති බව විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව මෙම විත්තිකරුට නියම කර තිබෙන ඇපය අවලංගු කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම විසින් කරනු ලබන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය. 

කෙසේ වෙතත් මෙම විත්තිකරුට වරෙන්තුවක් නිකුත් වී තිබෙන බව සහ ඒ පිළිබඳව විත්තිකරු දැනුවත්ව සිටින බවට මෙම අධිකරණයට කරුණු පැහැදිලි වී ඇතැයි සඳහන් කළ විනිසුරුවරිය ඊට අදාළව කටයුතු කිරීමට අධිකරණය බැඳී සිටින බවත් සඳහන් කළේය. 

ඒ අනුව මෙම විත්තිකාර රාජිත සේනාරත්න මහතා වහාම රිමාන්ඩ් භාරයට ගන්නා ලෙස නියෝග කළ විනිසුරුවරිය ඉන් අනතුරුව ඔහු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කර සිටියාය. 

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට ඉදිරිපත් කරන තුරු ඒ මහතා රිමාන්ඩ් භාරයේ තබාගන්නා ලෙසත් විනිසුරුවරිය බන්ධනාගාර නිලධාරීන්ට නියම කළාය.

ඒ අනුව විත්තිකාර රාජිත සේනාරත්න මහතා මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.