Hot News

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන්ට

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමි තේරී පත්වී තිබෙනවා.…

Hot News

හෙට අනිවාර්යයෙන්ම අධිකරණයේ පෙනී සිටින බව රාජිතගේ නීතිඥයන් දැනුම්දෙයි

තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව අත්හිටුවීමේ නියෝගයක් නිකුත්…

Hot News

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා ගැනීමට නව සැලසුමක්

කතාබහට ලක්ව ඇති සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා ආශ්‍රිතව මතුව ඇති ගැටලුවේදී , උක් ගොවීන්ට…

Hot News

දින හතක මෙහෙයුමකින් දෙස් විදෙස් අපරාධකරුවන් රැසක් අත් අඩංගුවට ගැනේ

සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව විශේෂ අධිකරණයක් පිහිටුවා, නඩු විභාග කඩිනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක…

රතන හිමි රිමාන්ඩ්

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද (29) දහවල් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම නඩු විභාගය පැවැත් වේ.
 

කොච්චිකඩේ පොලීසියට භාරවූ නිමල් ලාන්සා අත්අඩංගුවට

ඒ අනුව, අද (29) පෙරවරුවේ කොච්චිකඩේ පොලිස් ස්ථානය වෙත භාර වීමෙන් පසුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

රතන හිමි නුගේගොඩ අධිකරණයට

අතුරලියේ රතන හිමි අද (29) පෙරවරුවේ නුගේගොඩ ම‍හේස්ත්‍රාත්  අධිකරණයට පැමිණ තිබේ.

රාජිත රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය, සේනාරත්න මහතාව අද දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළාය.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනතුරු ඒ මහතාව රිමාන්ඩ් භාරයේ තබාගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරිය නියම කර ඇත.

ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩු සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුණි.

එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රාජිත සේනාරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. 

එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු මේ වන විට මෙම නඩුව සම්බන්ධයෙන් ඇප මත මුදාහැර තිබෙන බවත් ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළාය.

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම සැකකරු දිගින් දිගටම ප්‍රකාශ ලබාදීමට පැමිණීම මඟහැරීම හේතුවෙන් ඉකුත් අගෝස්තු මස 12 වනදා මෙම විත්තිකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගෙන තිබෙන බව නීතිඥවරිය පැවසුවාය. 

එම නිසා මෙම විත්තිකරු ඇප පනත යටතේ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති හෙයින් මෙම නඩුව සඳහා ඔහුට ප්‍රදානය කර තිබෙන ඇපය අවලංගු කර විත්තිකරු රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසත් අල්ලස් කොමිසමේ නීතිඥවරිය ඉල්ලා සිටියාය. 

මෙහිදී රාජිත සෙනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඉල්ලීමට තමන් තරයේ විරුද්ධ වන බව පැවසුවේය.

ඇප පනත යටතේ තම සේවා දායකයාගේ ඇප අවලංගු කිරීමට තරම් කරුණු කිසිවක් පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නොමැති බව ඔහු කියා සිටියේය.

අල්ලස් කොමිසමට අවශ්‍ය වන්නේ මේ වගේ පුද්ගලයන් දිගින් දිගටම රිමාන්ඩ් භාරයට පත් කිරීමට බවත් ඊට ඉඩදිය නොහැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

තම සේවා දායකයා සෑම නඩු දිනයකම අධිකරණය හමුවේ නොකඩවා පෙනී සිටි බවත් ඔහු අධිකරණයට ගරු කරමින් අද දිනයේත් මෙම අධිකරණයට පැමිණ තිබෙන බවත් පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා ඔහුගේ ඇපය අවලංගු කිරීමට නොහැකි බව කියා සිටියේය. 

මෙය අල්ලස් කොමිසමේ අසාමාන්‍ය ක්‍රියා කලාපයක් යැයි චෝදනා කළ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අල්ලස් කොමිසමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී විනිසුරුවරිය ජනාධිපති නීතිඥවරයාට සඳහන් කළේ පුද්ගලික පහරදීම් සිදුකිරීමෙන් වළකින ලෙසය. 

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය මෙම සැකකාර රාජිත සේනාරත්න මහතා මෙම නඩුව සඳහා මුල පටන් අඛණ්ඩව පෙනී සිට ඇති බව නඩු වාර්තාව පිරික්සීමේදී පෙනී යන බව සඳහන් කළාය. 

ඒ අනුව ඇප පනතේ 14 (2) වගන්තිය ප්‍රකාරව මෙම සැකකරු විසින් අධිකරණයට නොපැමිණීමක්, බලපෑම් කිරීමක්, අයුතු මැදිහත් වීමක් සිදුකරන තිබෙන බවට තම අධිකරණයට කරුණු පෙනී නොයන බව විනිසුරුවරිය සඳහන් කළාය. 

වෙනත් නඩුවකට මෙම සැකකරු පෙනී නොසිට තිබෙන බව පැවසුවද මෙම අධිකරණය හමුවේ ඔහු නොකඩවා පෙනී සිට ඇති බැවින් ඔහු අධිකරණය මඟහැරීමක් සිදුකර නොමැති බව පැහැදිලි වන බවත් විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව මෙම නඩුව සඳහා ඇප අවලංගු කිරීමට තරම් සාධාරණ කරුණු මේ අවස්ථාවේදී අධිකරණයට ඉදිරිපත් වී නොමැති බව විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව මෙම විත්තිකරුට නියම කර තිබෙන ඇපය අවලංගු කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසම විසින් කරනු ලබන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය සඳහන් කළාය. 

කෙසේ වෙතත් මෙම විත්තිකරුට වරෙන්තුවක් නිකුත් වී තිබෙන බව සහ ඒ පිළිබඳව විත්තිකරු දැනුවත්ව සිටින බවට මෙම අධිකරණයට කරුණු පැහැදිලි වී ඇතැයි සඳහන් කළ විනිසුරුවරිය ඊට අදාළව කටයුතු කිරීමට අධිකරණය බැඳී සිටින බවත් සඳහන් කළේය. 

ඒ අනුව මෙම විත්තිකාර රාජිත සේනාරත්න මහතා වහාම රිමාන්ඩ් භාරයට ගන්නා ලෙස නියෝග කළ විනිසුරුවරිය ඉන් අනතුරුව ඔහු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් නියෝග කර සිටියාය. 

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට ඉදිරිපත් කරන තුරු ඒ මහතා රිමාන්ඩ් භාරයේ තබාගන්නා ලෙසත් විනිසුරුවරිය බන්ධනාගාර නිලධාරීන්ට නියම කළාය.

ඒ අනුව විත්තිකාර රාජිත සේනාරත්න මහතා මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.
 

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන්ට

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරය සඳහා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමි තේරී පත්වී තිබෙනවා.

ඒ සඳහා වූ නිලවරණය අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ඥාණරතන නාහිමිගේ ප්‍රධානත්වයෙන් අද (28) පස්වරු 2.00 ට මහනුවර අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථගාරයේදී පැවැත්වුණා. 

මේ සඳහා අස්ගිරි කාරක මහා සංඝ සභාවේ හිමිවරුන් 19 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි බවයි සඳහන් වන්නේ.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයේ වැඩ කටයුතු කළ ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමි අපවත් වීම හේතුවෙන් එම ධුරය පුරප්පාඩු වී තිබුණා.

හෙට අනිවාර්යයෙන්ම අධිකරණයේ පෙනී සිටින බව රාජිතගේ නීතිඥයන් දැනුම්දෙයි

තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා.

එමෙන්ම රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව තාවකාලිකව අත්හිටුවීමේ තාවකාලික අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස, ඔහුගේ නීතිඥවරු විසින් ඉල්ලීමක් කළත් එම නියෝගය නිකුත් නොකළ මහාධිකරණය, වගඋත්තරකාර අල්ලස් කොමිසම වෙත නොතීසි පමණක් නිකුත් කරන තිබෙනවා.

සැකකාර රාජිත සේනාරත්න මහතාට හෙට (29) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන නොතීසියට අදාළව ඔහු හෙට දින අනිවාර්යයෙන්ම එම අධිකරණය හමුවේ පෙනී සිටින බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කර සිටියා.

පෙත්සම කැඳවීම සැප්තැම්බර් මස 10 වන දා.

ගුවන් තොටුපොළ ආශ්‍රිතව සරුංගල් යැවීම ගැන අනතුරු ඇඟවීමක්

ගුවන් තොටුපොළ ආශ්‍රිතව සරුංගල් යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ඒ අනුව, එළඹ ඇති සරුංගල් සමයත් සමඟ, ගුවන් ධාවන පථ ආසන්න ප්‍රදේශවල සරුංගල් යැවීම ඉතා අවදානම් සහගත බවත්, ගුවන් යානා පියාසර කිරීම සඳහා සරුංගල් යැවීම සෘජුව බලපාන බාධකයක් බවයි ගුවන් හමුදාව සඳහන් කරන්නේ.

කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීන වරාය, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියාව, වීරවිල සහ මත්තල වැනි ප්‍රදේශවල ඇති ගුවන් ධාවන පථ ආසන්නයේ බහුලව සරුංගල් යැවීම අවදානම් බවත්, ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැඩිදුරටත් පවසා සිටිනවා.

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා ගැනීමට නව සැලසුමක්

කතාබහට ලක්ව ඇති සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා ආශ්‍රිතව මතුව ඇති ගැටලුවේදී , උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් නිසි පරිදි ගෙවා අවසන් කිරීම කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා ගැනීමේ නව සැලසුම් වෙත අවධානයට යොමුකරමින්
ජනාධිපති කාර්‍යලයේදී පැවැති කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළකලේ.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතන මගින් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු, අභියෝග මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා වී තිබෙනවා.
ඒ අනුව කර්මාන්ත කලාප පිහිටුවීම, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ණය සහන ලබා දීම සහ අපනයන ක්ෂේත්‍රයේ පහසුකම් ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වුණා.
කර්මාන්ත අංශ දියුණු කිරීම සඳහා ඉහළ බලපෑමක් සහිත ඉඩම් සංවර්ධනය කර කර්මාන්තකරුවන්ට ලබා දීමේදී දැනට පවතින ක්‍රමවේදය යටතේ කර්මාන්තකරුවන්ට මෙන්ම කර්මාන්ත අමාත්‍යාංශයටද මුහුණ දීමට සිදුව ඇති ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසදුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා.
කර්මාන්ත අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන විසින් දැනට සපයනු ලබන සේවාවන් නිශ්චිත ලෙස හඳුනාගෙන ඒ සඳහා පිහිටුවා ඇති සියලු ආයතන ක්‍රියාකාරිත්වය මත ඒකාබද්ධ කිරීමේ සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල නිලධාරීහු සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ලංගම වෘත්තිය සංගම් වැඩවර්ජනයේ – සේවා සාමානයපරිදි

ඉල්ලීම් හතරක් මුල්කර ගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වෘත්තීය සංගම් කිහිපයක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
පෞද්ගලික බස් රථ සමග ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් හේතුවෙන් මෙම වර්ජනය ආරම්භ කළ බව ලංගම සේවක සංගම් ප්‍රකාශ කළා.

හඳුන්වා දී ඇති ඒකාබද්ධ කාලසටහන සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.
කෙසේවෙතත් සියලු පාර්ශවයන්ගේ අදහස් මත ඒකාබද්ධ කාලසටහන සකස් කිරීමේ කටයුතු සිදුකළ බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සදහන් කළා.
වෘත්තීය සමිති විසින් සිදුකරන ඉල්ලීම් බහුතරයක් මේ වන විටත් ලබා දී අවසන් බැවින් මෙම වර්ජනය අසාධාරණ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන සදහන් කළා.
වර්ජනය ක්‍රියාත්මක කරන බවට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් වෘත්තීය සමිති ප්‍රකාශ කළ ද ඊයේ මධ්‍යම රාත්‍රී සිට කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙන් ධාවන කටයුතු ආරම්භ කරන බස් රථ සාමාන්‍ය පරිදි ගමන් ආරම්භ කළ බව අප වාර්තාකරුවන් සඳහන් කළා.
එහිදී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් රියදුරෙකු සඳහන් කළේ, කිසිදු ගැටලුවකින් තොරව අද දිනයේ බස් රථ ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවය.

දින හතක මෙහෙයුමකින් දෙස් විදෙස් අපරාධකරුවන් රැසක් අත් අඩංගුවට ගැනේ

සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව විශේෂ අධිකරණයක් පිහිටුවා, නඩු විභාග කඩිනම් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ අනුව, ඒ හරහා ඔවුන්ට දඬුවම් ලබාදීම කඩිනම් කරන බවයි අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේ.

ශිෂ්ට සම්පන්න සමාජයක් ලෙස, නීතිය ඉදිරියේ මෙම ක්‍රියාදාමය සිදුවන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.