
පලස්තීන ජනතාවගේ අහිමි කළ නොහැකි අයිතිවාසිකම් ආරක්ෂා සඳහා ජාත්‍යන්තර ක්‍රියාමාර්ග වෙත යොමුකිරිම සදහා පවත්වෙන නක්බා අවසන් කිරීමේ 77 වන සමරුමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහබාගිවුවාය. අල්-නක්බා යන්නෙන් අදහස් කරන්නේ 1948 දී ඊශ්‍රායල රාජ්‍යය පිහිටුවීමත් සමඟ සිදු වූ පලස්තීන ජාතිකයන් සමූහ වශයෙන් අවතැන් කිරීම සහ නෙරපා හැරීමයි. එය නූතන පලස්තීන ඉතිහාසයේ වඩාත්ම වැදගත් හා කම්පන සහගත සිදුවීම්වලින් එකකි. මෙමගින් 700,000 කට වැඩි පිරිසක්කට සිය මවුබිම් පලා යාමට හෝ ඔවුන්ගේ නිවාසවලින් නෙරපා හැරීමට බල කෙරුනි. ගම්මාන 400 කට වැඩි ප්‍රමාණයක් විනාශ විය හෝ ජනශුන්‍ය විය. ඔවුන් තවමත් ලොවපුරා මවුබිමක් නොමතිව ජිවත්වෙති . මෙම සැමරුම් උත්සවය ඊයේ (15) කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ ආයතනයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ පලස්තීන රාජ්‍ය තානාපති කාර්යාලය සහ පලස්තීන ව්‍යසනය සිහිපත් කිරීම සඳහා වූ ශ්‍රී ලංකා සහයෝගිතා කමිටුව එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට ආගමික නායකයින්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්, විදේශ තානාපති කාර්යාලවල ප්‍රධානීන් සහ පලස්තීන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.