ජාත්‍යන්තර ශිෂ්ටාචාර සංවාද දිනය සැමරේ

ඊයේ (10) ඇමරිකාවේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ගෝලීය ශිෂ්ටාචාර සංවාද දිනය පවත්වනු ලැබිණි.
මෙය ගෝලීය ශිෂ්ටාචාර සංවාද දිනයේ පළමු සංවත්තර සැමරීම වේ.
ස්ථිර දූත මණ්ඩල සාමාජික රටවල් වන චීනය, ඊජිප්තුව, පේරු, ස්පාඤ්ඤ සහ උස්බෙකිස්ථාන නියෝජිතයින්ගේ මූලිකත්වයෙන් උත්සව මාලාවක් සංවිධානය කර තිබුණි.
ශිෂ්ටාචාර අතර සංවාදය ප්‍රවර්ධනය කිරීම, ගෝලීය සහයෝගීතාවය ශක්තිමත් කිරීම යන තේමාව යටතේ සංවාදයක් ද පැවැත්වුණි.
චීන විදේශ අමාත්‍ය වැන් ඊ (Wang Yi) මෙම සංවාදයේදී වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ සමානාත්මතාවය ආරක්ෂා කිරීමට සහ අන්තර් සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන ලෙසයි.
මෙම අවස්ථාව සඳහා පණිවිඩයක් එක් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා ප්‍රකාශ කළේ අවබෝධය සහ විශ්වාසයේ පාලම් ගොඩනැගීම සඳහා සංවාදය අත්‍යවශ්‍ය බවයි.
ගෝලීය ශිෂ්ටාචාර සංවාද දිනය චීනය විසින් ඉදිරිපත් කරන ලද රටවල් අසූවකට අධික සංඛ්‍යාවක් විසින් සම අනුග්‍රහය දක්වන ලද යෝජනාවකි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් පසුගිය වසරේදී එය සම්මත කරන ලදී. ඒ අනුව ජූනි දහවන දින ගෝලීය ශිෂ්ටාචාර අතර සංවාද සඳහා වූ ජාත්‍යන්තර දිනය ලෙස නම් කිරීම සිදු විය.

-CGTN America –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *