ඇමරිකාව තීරුබදු සම්බන්ධයෙන් සංවාද පවත්වන්නේ නම්, චීනයට තර්ජනය හා පීඩනය එල්ල කිරීම නතර කළ යුතු බව චීනය කියා සිටී.චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා ඉයේ (6) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
චීනය සමඟ තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇති කැමැත්ත ඇමරිකාව මෑතකදී නැවත නැවතත් ප්‍රකාශ කර තිබේ. සංවාද හා සාකච්ඡා මගින් අදාළ ගැටලුව විසඳා ගැනීමට සැබෑ උවමනාවක් ඇමරිකාවට ඇත්නම් සමානාත්මතාවය, ගරු කිරීම් සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ මත පදනම්ව චීනය සමඟ සංවාදයක නිරත විය යුතු බව ද Lin Jian මහතා එහිදී අවධාරණය කළේය.
CGTN Sinhala