අසාධාරණ වෙළඳ ගිවිසුමකට යටත් වීමට ඇමරිකාවයුරෝපා සංගමයට(EU) අනවශ්‍ය බලපෑම් නොකළ යුතුයි -යුරෝපා සංගමය

අසාධාරණ වෙළඳ ගිවිසුමකට යටත් වන ලෙස ඇමරිකාව යුරෝපා සංගමයට(EU) අනවශ්‍ය බලපෑම් නොකළ යුතු බව යුරෝපීය වෙළඳ හා ආර්ථික ආරක්ෂාව පිළිබඳ කොමසාරිස් Maros Sefcovic මහතා පවසයි.

යුරෝපා සංගමය කිසිසේත්ම දුර්වල නොවන අතර අසාධාරණ ගිවිසුමක් පිළිගැනීමේ අනවශ්‍ය පීඩනයක නොසිටින බවත්, සිය යෝජනා මේ වනවිටත් ඇමරිකාවට ඉදිරිපත් කළ බවත් හෙතෙම පැවසීය. යුරෝපා සංගමයේ සැමවිටම සාධාරණ උත්සහායක් ගත්ත ද සාකච්ඡා අසාර්ථක විය හැකි බව ද ඔහු සඳහන් කළේය.

යුරෝපා සංගමය වානේ, ඇලුමිනියම් සහ මෝටර් රථ සඳහා මේ වනවිටත් ඇමරිකාවේ සියයට 25 ක තීරුබදුවලට යටත් ව සිටී. එමෙන්ම අනෙකුත් අපනයන සඳහා ද 10% ක අන්‍යෝන්‍ය තීරුබදු ක්‍රියාත්මක වේ. ඇමරිකාවේ දින 90ක තාවකාලික තීරුබදු විරාම කාලය එළඹෙන ජූලි 8 වන දින අවසන් වන අතර ඉන් පසු තීරුබදු අනුපාතය 20% දක්වා වැඩි විය හැකි ය.

Maros Sefcovic මහතා කියාසිටියේ ඇමරිකාවේ අන්‍යෝන්‍ය තීරුබදු ජාත්‍යන්තර වෙළද නීතිය උල්ලංඝනය කර ඇති බැවින් ඊට එරෙහිව ලෝක වෙළඳ සංවිධානය ඔස්සේ නීත්‍යනුකූල පියවර ගැනීමේ අවස්ථාවක් ද පවතින බවයි. එමෙන්ම මේ ප්‍රශ්නය සඳහා විසඳුම් සෙවීමට විවිධාංගීකරණය හරහා නව වෙළඳපළ වෙත ප්‍රවේශ වීමට උත්සහා ගත යුතු අතර, අත්ලාන්තික් සබඳතාවයෙන් ඔබ්බට ගොස්, ඇමරිකාව සම්බන්ධ නොවන ගෝලීය වෙළඳාමෙන් සියයට 87ක් ලබා ගැනීමේ අවශ්‍යතාවය ද අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *