ගාසා තීරය වෙත යුද මෙහෙයුම් ඉහළ නැංවීමට ඊශ්‍රායලය තීරණය කරයි

ගාසා තීරය වෙත යුද මෙහෙයුම් ඉහළ නැංවීමට ඊශ්‍රායලය තීරණය කරයි

ගාසා තීරයේ සිදු කෙරුණු යුද  මෙහෙයුම් තුළ ඊශ්‍රායල හමුදාව ඇතැම් ජයග්‍රහණ ලබා ගෙන හමාස් සංවිධානයට පීඩනය එල්ල කළ ද පුද්ගල හුවමාරු ගිවිසුමට එම සංවිධානය තවමත් එකඟ වී නොමැති බව ඊශ්‍රායල ජාතික ආරක්ෂක හමුදාවේ ප්‍රකාශක Effie Defrin මහතා පවසයි .

එබැවින් ඊශ්‍රායල හමුදාව ගාසා තීරය වෙත සිදු කරන යුධ මෙහෙයුම් ඉහළ නංවන බව එම ප්‍රකාශකයා ප්‍රකාශ කළේය. ගාසා තීරයේ ගුවන් ප්‍රහාර එල්ල කිරීම, සන්නද්ධ පුද්ගලයන් හා යටිතල පහසුකම්වලට පහර දීම, ගාසා තීරයේ බහුතර පුද්ගලයන් විකල්ප ස්ථානවල පදිංචි කිරීමද ඊට ඇතුළත් ය. සිරබාරයේ සිටින ඊශ්‍රායල පුද්ගලයන් නිදහස් කිරීම මෙන්ම ගාසා තීරයේ හමාස් සංවිධානයේ පාලනය පෙරළා දැමීම එහි අරමුණ බව ද Effie Defrin මහතා කියා සිටියේය.

 CGTN Sinhala

Leave a Reply

Your email address will not be published. Required fields are marked *