පොල් මිල අඩුවන ලකුණු

පොල් සංවර්ධන අධිකාරියේ කොළඹ පොල් වෙන්දේසියේ අද පොල් ගෙඩියක මිළ රු. 162.07ක් ලෙස සටහන් විය. ඊට හේතු වූයේ වෙසක් මුරය තුල පොල් අස්වැන්න වැඩි වීමයි. මේ බව සදහන් කලේ පොල් සංවර්ධන අධිකාරියේ අලෙවි අධ්‍යක්ෂ අනුරාධි හතුරුසිංහ සමග අප කල විමසීමක දීයි.

මෙසේ පොල් මිල අඩු උවද පොල් මිල සම්භන්දයෙන් තවත් ගැටලු පවතී. එනම් තොග පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් සතුව ඇති පොල් වල තොග මිළ නොවෙනස්ව පවත්වාගෙන යාමට ගන්නා උත්සාහය සහ පොල් කර්මාන්ත කරුවන්ට අවශ්‍ය පොල්මඳ ආශ්‍රිත නිෂ්පාදන පොල්ගෙඩි මිලියන 200 ක මඳවලට සමාන ප්‍රමානයක් ගෙන්වීම සඳහා රජයෙන් අවසර ලබාදී ඇතත් කර්මාන්ත කරුවන් ඒ සඳහා මැලිකමක් දැක්වීම ආදියයි.

ඔවුන්ද දේශීය පොල් ගෙඩි මිළදී ගැනීමට ක්‍රියා කරයි. එසේම කර්මාන්ත කරුවන් ඉල්ලා සටින්නේ පිටරටින් පොල්ගෙඩි ආනයනය කිරීමට අවසර දෙන ලෙසයි. නමුත් ශාක නිරෝදායන පනතට අනුව පොල් ගෙඩි ආනයනය කල නොහැකිය.  වැඩිවන පොල් මිලට විසඳුමක් ලෙස අවම තත්වයන් යටතේ පොල් ගෙඩි ලෙස ගෙන්වීමට අවසර දීම සඳහා වාර්ථාවක් මේ වනවිට සකස් වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *