අලි මිනිස් ගැටුම විසඳීමට සාකච්ඡා

දරුවන්ට සුරක්ෂිත හෙටක් හදන්නට ඔවුන් ජීවත් වන වටපිටාව සුරක්ෂිත විය යුතු බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන පවසනවා.

ඉන් ප්‍රමුඛතම කාරණයක් වන්නේ අලි මිනිස් ගැටුම විසදීමයි.

මේ බව පැවසුවේ කුරුණෑගල හිරියාල ගම්වාසීන් සමග කළ විශේෂ සාකච්ඡාවකදීයි.


අලි උවදුර නිසා ඉහළ නෙල්ලිය , අළුත් කොළණිය සහ වෙල්ගාල ඇතුළු ගම්මාන රැසක් පීඩා විදියි. වෙල්ගාල විද්‍යාලය ඇතුළු පාසල් ගණනාවක විදුලි වැට කැඩීම, පෞද්ගලික ඉඩම් කිහිපයක් අලින් වාස භූමි බවට පත්කර ගැනීම වැනි හානි සිදු කර ඇත.

ගම්වාසීන් චෝදනා කරන්නේ එයින් ළමුන්ගේ පාසල් ගමන අඩාල වී ඇති බවයි.


මෙයට වනජීවී කාර්යාලයේ නිලධාරීන් සහ ගම්වාසීන් විශාල පිරිසක් සහභාගි වුණා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *