දුම්වැටි සදහා සියයට 80 ක බදු පැනවීමට හැකියාවක් ඇත. එහෙත් මේ වන විට සියයට 60 ත් 65ත් අතර බදු ප්‍රමාණයක් පමණක් පනවා ඇතැයි ආචාර්‍ය නිශන් ද සිල්වා මහතා පවසයි.
ඔහු මේ අදහස් පැවසුවේ ලෝක දුම්කොළ නිවාරණ දිනය වෙනුවෙන් අද ජාතික පුස්තකාල ලේඛන ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවේදීය.
කොවිඩ් අර්බුදය සහ මෙරට ආර්තිකය කඩා වැටීමෙන් පසු අත්‍යවශ්‍ය ආහාර සදහා සියයට 100 ක බදු ප්‍රමාණයක් පනවා ඇති බව ඔහු සදහන් කලා. නමුත් දුම්වැටි බද්ද සදහා වෙනසක් සිදු නොවීමෙන් මීට ලැබෙන බදු මුදල රජයට අහිමි වී ඇත.
මෙසේ රජයට අහිමිවන බදු මුදල දුම්රිය සමාගමේ ලාබය වශයෙන් ඉතිරි වන බවත් රජයේ බදු ප්‍රතිපත්තිය නිවැරදිව සිදු කර නැතැයි ආචාර්‍ය නිශාන් ද මෙල් පවසා සිටියා.
ලෝක සෞඛ්‍ය සංවිදානය ප්‍රකාශ කරන්නේ දුම්වැටි මිලෙන් සියයට 75 ක මුදලක් පැනවිය යුතු බවයි. මේ වන විට ශ්‍රී ලංකාවේ දුම්වැටි අලෙවිය සියයට 60 කින් පහළ වැටී ඇත.