ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශිෂ්‍යත්ව 900 ක්

ජාතික කනිෂ්ඨ මට්ටමේ ඉහල දක්ශතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 900 ක් සදහා ශිෂ්‍යත්ව ප්‍රධානය කෙරේ.

2025 ක්‍රීඩා ශක්ති වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි. තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශයේ අධීක්ශනය යටතේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මෙය ක්‍රියාවට නංවයි.  තෝරාගත් ක්‍රීඩාවන් 21 ක පුහුණුවේ නියැලෙන වයස අවුරුදු 18 ත් 20 ත් අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම ශිෂ්‍යත්වය ප්‍රධානය කෙරේ. එහි මුල් අදියරේ ක්‍රීඩක ක්‍රීඩාකාවන් 300 කට ශිෂ්‍යත්ව ප්‍රදානය අද සිදු කෙරින.

මෙය ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරින. මෙරට ක්‍රීඩාවේ පැවැත්ම රදා පවතින්නේ ක්‍රීඩක ක්‍රීඩාකාවන් සතුව බවත් මුදලට නොවිකිනෙන ආදරය, යහපත් ගතිගුණ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරටට අවශ්‍ය බව මෙහිදී අමාත්‍ය සුනිල් කුමාර  පැවසුවේය, දක්ශතා මත ඉදිරියට යාමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට රජයක් ලෙස කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

තහනම් උත්තේජක භාවිතාව කෙටි කාලීන ජයග්‍රහණ බවත් පුහුණුවීම් කටයුතු මගින් දක්ෂතා ඔප මට්ටම් කර ගැනීමට කටයුතු කරන ලෙසත් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටී. වර්තමානයේදී බොහෝ පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ක්‍රීඩාවෙන් ඈත් වන බවත් ක්‍රීඩාව සදහා සම අවස්තා ලබා දිය යුතු බවත් මෙම ශිෂ්‍යත්ව ක්‍රමය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට ක්‍රීඩාවේ රැදී සිටීමට උත්දීපනයක් ලැබේ යැයි බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *