මහිදානන්දට 20යි.නලින්ට 25යි .බරපතල වැඩ සහිත සිර දඩුවමක්

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක බරපතල වැඩසහිත සිරදඩුවමක් සහ හිටපු වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතාට වසර 25ක බරපතල වැඩසහිත සිර දඬුවම් නියම කෙරුණි.ඒ , කැරම් බෝඩ් ගණුදෙණුවට අදාළව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව අද(29) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේදියි.නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළේ,ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුමඩුල්ල විසිනි. .

2014 සැප්තැම්බර් 01 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ක්‍රීඩා සමාජ සඳහා කැරම් බෝඩ් 14,000ක් සහ කෙටුම්පත් පුවරු 11,000ක් ඇතුළු ක්‍රීඩා උපකරණ ආනයනය කිරීමේදී රුපියල් මිලියන 53.1ක වංචාවක් සිදු කර ඇති බවට, අධි චෝදනා 6ක් යටතේ මහින්දානන්ද අලුත්ගමගේට සහ නලින් ප්‍රනාන්දුට එරෙහිව නඩුව ගොනු කර තිබුණි.විනිසුරු මඩුල්ල කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්වතිබු පැමිණිලෙ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *