ජාතික වැදගත්කමක් ඇති කරුණු වලට තරුණ වෘත්තිකයින් ක්‍රියාශීලී භූමිකාවක් ඉටු කල යුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි

ජාතික වැදගත්කමක් ඇති කරුණු සම්බන්දයෙන් වර්තමාන තරුණ වෘත්තිකයන් ක්‍රියාශීලී භූමිකාවක් ඉටුකලයුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි.

තරුණ වෘත්තිකයන් ශක්තිමත් කිරීම මෙන්ම වඩාත් ක්‍රියාශීලී භූමිකාවක් වෙනුවෙන් ඔවුන් දිරිමත් කිරීමත් අවශ්‍යය. ඇය මේ බව ප්‍රකාශ කලේ පසුගියදා බන්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ 50 වෙනි සංවත්සරයට සහභාගි වෙමිනි.

වෘත්තීය ප්‍රජාව එකමුතු කරගනිමින් සාමුහික හඬක් වෙනුවෙන් වසර 5ක් තිස්සේ සංගමය කල කැපකිරීම් අග්‍රාමාත්‍යවරිය අ⁣ගය කලාය.

වෘත්තීන් 34 ක් සහ සාමාජික සංගම් 52 ක් නියෝජනය කරන සංගමයේ සාමාජිකයන් ගණන 60,000 කි.  රටට දිගුකාලීන දැක්මක් නිර්මාණය කරන ඉංජිනේරු, වෛද්‍ය , නීති ඇතුලු බොහෝ  වෘත්තිකයන් සම්බන්ද කරන වේදිකාවක් ලෙසද සංගමය ක්‍රියා කරයි.

ජ්‍යෙෂ්ඨ විද්වතුන් ඇගැයීමත් 50 වැනි සංවත්සර වෙනුවෙන් මුද්දරයක් නිකුත්කිරීමත් මෙහිදී සිදුකෙරිණ. මෙම අවස්ථාවට විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති නීතිඥ සුජීව ලාල් දහනායක මහතා ඇතුලු පිරිසක් එක්වූහ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *