සෙවනගල සීනි කර්මාන්ත ශාලාව වැසී යාමේ අවදානමක් නැති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය පවසයි.

සෙවනගල සීනි කර්මාතශාලාව වැසී යාමේ කිසිම අවදානමක් නැතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය පවසයි. වැසී යාමේ අවදානමක් පිලිබදව කරන ප්‍රචාරයන් අමාත්‍යංශය තරයේ ප්‍රතික්ෂේප කරයි. වත්මන් රජය එවැනි තීරනයක් ගෙන නොමැත.

උක් අස්වැන්න මිලදී නොගන්නා බවට පලවන කරුනු සාවද්‍ය වන අතර ගොවීන් විසින් ලබාදෙන අස්වැන්න මිලදී ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යංශය පවසයි.

පාඩු ලබමින් තිබූ මෙම ආයතනය නව පරිපාලනය මගින් නව අලෙවි සැලැස්මක් යටතේ පාඩුව අවම කරගනිමින් මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කෙරේ.

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ලාබ ලබන තත්වයක් බවට පත් කිරීමට අවශ්‍ය සැලසුම් ක්‍රියත්මක කිරීම ආරම්භ කර ඇතැයි එම අමාත්‍යංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *