මැදපෙරදිග කලාපයේ තත්ත්වය සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මැදපෙරදිග කලාපයේ තත්ත්වය සමනය කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි එම නිවේදනය දැක්වෙන්නේ. එහි වත්මන් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලට පත්ව සිටියි.
මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වය සහතික කිරීමේ අරමුණින්, සාමය ස්ථාපිත කොට පවත්වා ගැනීමට අදාළ සියලු පාර්ශ්වයන් නැවත සංවාදයට පැමිණ, නොපසුබට රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නවල නිරත විය යුතු බවයි තවදුරටත් නිවේදනයේ සදහන් කර තිබෙන්නේ.
ඉරානයේ, ටෙහෙරානයේ තානාපති කාර්යාලය තහවුරු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙක් එහි සිටින බවයි.
තානාපති කාර්යාලය ඔවුන් සියලු දෙනා පිළිබද අවධානයෙන් කටයුතු කරන බව පවසා සිටියි.