වාර්තා ලබාදී ඇති ප්‍රතිශතය අනුව සමාගම් ලියාපදිංචි කර තිබෙන පුද්ගලයන්ගෙන් වාර්තා ලබා දී තිබෙන්නේ සියයට 43ක්. වාර්තා ලබා දී තිබෙන්නේ 2023-2024 වසරවල පුද්ගල ආදායම් බදුවලින් සියයට 23ක් පමණයි. හවුල් ව්‍යාපාර සියයට 46ක්, PAYE Tax ගෙවන අයගෙන් සියයට 18ක් ලෙස වාර්තා ලබා දී තිබෙනවා.
බදු ගෙවීම් සිදුකල යුතු අංශයන්ගෙන් කිසිම අංශයකින් සියයට 50 ක් ඉක්මවා නොමැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඉන් බදු ගෙවීමේ මැලිකමක් සහ බදු මඟහැරීම සඳහා තිබෙන ප්‍රයත්නය ඉන් පෙන්නුම් කරන බවද ඔහු සඳහන් කළේය.
මීට හේතු වී තිබෙන්නේ පැවති දේශපාලන අධිකාරිය විසින් රටේ බදු මුදල් පරිහරණය කළ ආකාරය පිළිබඳව බදු ගෙවන්නන් සහ පොදු ජනතාව තුළ තිබෙන විවේචන බවත් කිසිදු බදු මුදලකින් රුපියලක්වත් දේශපාලන අධිකාරිය විසින් වංචා නොකරන බවටත්, නාස්ති නොකරන බවටත් වන සහතිකය තමා ලබා දෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
රාජ්‍ය යාන්ත්‍රණය පුරා පැතිරි තිබෙන වංචා දුෂණ වැළැක්විය යුතු බවත් මෙම කළු යාන්ත්‍රණයේ ජාවාරම්කාර අතළොස්සක් සිටින බැවින් එම කළු යාන්ත්‍රණය තුළ රාජ්‍ය නිලධාරින් මෙන්ම නීති විරෝධි සන්නද්ධ අවි ගත් අය සහ මාධ්‍යද සිටින බවයි ඔහු අවධාරණය කළේ.
එනිසා මෙම කළු යාන්ත්‍රණය බිඳින බවට තමා ජනතාවට සහතික වන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති “බදු ශක්ති” බදු අනුකූලතාවය සහ බදු පදනම ඉහළ නැංවීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාව අමතමිනි.
“ඔබේ බදු මුදල් ඔබ වෙනුවෙන්”තේමාව යටතේ “බදු ශක්ති – ජාතික බදු සතිය” ආරම්භ කිරීමද මිට සමගාමීව සිදු විය.