ඉතිහාසයේ ප්‍රතම වතාවට ජාතික තරුණ සම්මේලනය තුල කාන්තා නියෝජනය වැඩි වී තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය පවසනවා.
අගෝස්තු 19 දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති, තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් සංවිධානය කර තිබූ විශේෂ හමුව සහ විවෘත සාකච්ඡාවට සහභාගී වෙමින් ඇය මේ බව සදහන් කළා.
අගෝස්තු 12 වැනිදාට යෙදුනු, ජාත්‍යන්තර තරුණ දිනය මුල් කරගනිමින් මෙම හමුව සංවිධානය කර තිබුණා.
මෙහිදී තාරුණ සම්මේලනයේ නියෝජිතයින් 52 දෙනා වෙත සමරු තිළිණ පිරි නැමීමද සිදු වුණා.
අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය