BYD විද්‍යුත් වාහන 506ක් තවත් බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (03) අභියාචනාධිකරණය හමුවේ එකඟ වී තිබෙනවා.
BYD වාහන ආනයනය කළ ජොන් කිල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කරනු ලැබුවා.