රුපියල් මිලියන 291ක වියදමක් දරා 2018 වසරේ ආරම්භ කරන ලද, මේ දක්වා කිසිදු ආකාරයක ප්‍රයෝජනයක් නොගත් උතුරේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙත රජයේ අවදානය යොමුවි තිබෙනවා.
ඒ අනුව මේ වන තුරු කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා ඇති මෙම ආර්ථික මධ්‍යස්ථාන සියල්ල නවීකරණය කොට සක්‍රීය ආර්ථික මධ්‍යස්ථානයන් ලෙස ලබන සැප්තැම්බර් මස සිට නැවත විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙ බව ප්‍රකාශ කලේ එහි නිරික්ශන චාරිකාවක්ට එක්වු වාණජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ විසින්.
ඊට අමතරව උතුරු පළාත තුල ඇති ආර්ථික මධ්‍යස්ථාන සහ සමූපකාර ව්‍යාපාරයට සම්බන්ධ අනෙකුත් ආයතන නිරීක්ශනයට ද අමාත්‍යවරයා සහභාගී වී තිබෙනවා.
රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් වැය කොට නිසි ස්ථානීය සැලැස්මක් රහිතව ඉදි කර ඇති යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පළමුව නිරීක්‍ෂණය කළ අතර එය වෙළෙඳ සැල් 20කින් සමන්විත මේ වන තෙක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා තිබෙනවා.
මේ සම්බන්ධව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමේදී වැඩිදුරටත් සාකාච්ඡාවට ලක් වූ අතර, ආර්ථික මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහා ඇති බාධාවන් සහ අභියෝග පිළිබඳව එහිදී අවධානය යොමු වුණා.
ඉන් පසු කිලිනොච්චිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කල අමාත්‍යවරයා,
වෙළෙඳ සැල් 40ක ප්‍රමාණයක් සහිත මෙම කිලිනොච්චිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නවීකරණය කිරීමේ ක්‍රියාවලියේදී ජල පහසුකම්, ප්‍රවාහන පහසුකම්, සනීපාරක්ෂක පහසුකම්, බැංකු කටයුතු වැනි තවත් අවශ්‍ය සියලු පහසුකම් සැපයීමත් ඒ හා සම්බන්ද ගැටලු සහ අභියෝග පිළිබඳව හඳුනා ගනිමින් ඒ සඳහා විසඳුම් ලබා දීමත් සිදු වුණා.
ආර්ථික මධ්‍යස්ථානය තුළ වසා දමා ඇති වෙළෙඳ සැල් විවෘත කිරීමට ආදාල කටයුතු පිළිබඳවත් මෙහිදී විශේෂ අවධානයට ලක් ව තිබෙනවා.
වවුනියාව විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉදි කර තිබෙන අතර ජලය, සනීපාරක්ෂක පහසුකම්, ප්‍රවාහන පහසුකම්, අරක්ෂාව සහ මෙහි විදුලි පද්ධතිය නවීකරණය කොට ඉතා ඉක්මනින් වැඩ කටයුතු අවසන් කිරීම සඳහා අමාත්‍ය වරයා විසින් අදාල බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා
යාපනය ආර්ථික මධ්‍යස්ථානයේ අමාත්‍යවරයාගේ නිරීක්ෂණ චාරිකාව
