මහජනතාවගේ ධනය කෝටී, ප්‍රකෝටී ගණනින් විනාශ කිරීමට ඉඩ නොදෙන බව ජනපති කියයි

මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණනින් විනාශ කිරීමට ලැබෙන වරමක් ලෙස දේශපාලන බලය භාවිතා කිරීමට මින් මතු ඉඩ ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
කුමන ඝෝෂා තිබුණත් එම ගමන නැවතත් හැරවිය නොහැකි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරියේ පැවති ජාතක භික්‍ෂු දින සැමරුම් උත්සවය අමතමින්. කාලෝ අයං තේ මේ ඔබට කාලයයි තේමාවෙන් පැවති මෙම සැමරුම සඳහා දිවයිනන පුරා සිටින භික්ෂූන් වහන්සේ පනස් දහසකට ආසන්න පිරිසක් වැඩම කර සිටියා.
තමන්ට තිබෙන බලය අසීමිත ලෙස ධනය එක් රැස් කර ගන්නා මෙවලමක් ලෙස භාවිතා කළ සහ මහජනතාවගේ මුදල් හිතුමතේ වැය කළ විනාශකාරී ගමන නැවත හැරවීම සඳහා පෙර අදිටනෙන් යුතුව කටයුතු කරන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා කුමන ඝෝෂාවක් තිබුණද එම ගමන ආපසු හරවන්නේ නැති බවත් තම රජය එම වගකීම ඉටු නොකරන්නේ නම් කිසිදු රජයක් විසින් එය සිදු නොකරනු ඇති බව ප්‍රකාශ කළා.
අප්සවුන්ඩ්
ජනාධිපතිතුමා

Comments (0)

Your email address will not be published. Required fields are marked *