ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා ඩොලර් බිලියන 1 ක ආධාරක පැකේජයක් අනුමත කර ඇති අතර එය ඉදිරි වසර තුන තුළ ලබා දීමට නියමිතය. මෙමගින් ප්‍රධාන ආර්ථික අංශකිපයක ප්‍රවර්දනය සහ ඉදිරි දශකය තුළ අපෙක්ශිත රැකියා 700,000 ක හිඟය පියවීම අරමුණුවි තිබෙ . තරුණ පුද්ගලයින් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රම බලකායට ඉදිරි වසර තුන තුල ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා
හමුවෙන් පසු මෙම කරුණු ප්‍රකාශයට පත්කෙරින . කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුව සිදුවිය . මෙම හමුව දශක දෙකකට ආසන්න කාලයකින් පසු ලෝක බැංකු සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට කළ පළමු සංචාරය සනිටුහන් කළේය.
මෙම සහාය පැකේජය මගින් බලශක්ති අංශය ප්‍රවරනය සදහා ඩොලර් මිලියන 185 ක් ලබෙන අතර මෙම ආයෝජනය ගිගාවොට් 1 ක නව සූර්ය සහ සුළං බලශක්ති ධාරිතාවක් සංවර්ධනය කිරීමට සහාය වනු ඇත. මෙමගින් විදුලි පිරිවැය අඩු කිරීමට සහ ඩොලර් මිලියන 40 ක ඇපකර ඇතුළුව ඩොලර් මිලියන 800 කට අධික පුද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ.
එමෙන්ම සංචාරක අංශය ප්‍රවර්දනය සදහා ඩොලර් මිලියන 200 ක් වෙන්කර අති අතර එමගින් සංචාරක ව්‍යාපාරය නංවාලීමට සහ ප්‍රජා පාදක රැකියා නිර්මාණය කිරීමට ස්වාභාවික හා සංස්කෘතික වත්කම් වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කෙරේ.
ප්‍රාදේශීය සංවර්ධනය සදහා ඩොලර් මිලියන 200 ක් වෙන්වන අතර දේශීය ආර්ථිකයන් සහ රැකියා නිර්මාණය උත්තේජනය කිරීම සඳහා ආයෝජන ,උතුරු සහ නැගෙනහිර පළාත් ඇතුළු අඩු පහසුකම් සහිත ප්‍රදේශවල යටිතල පහසුකම් සහ කර්මාන්ත සන්වර්දනය මෙමගින් ඉලක්කකෙරෙ .
විශේෂයෙන් ඉහළ රැකියා විභවයක් ඇති අංශවල, පෞද්ගලික ව්‍යවසායයන්ට හිතකර කොන්දේසි නිර්මාණය කිරීම සඳහා ප්‍රතිසංස්කරණ වේගවත් කිරීමේ වැදගත්කම ලෝක බැංකු සභාපති අජේ බංගා අවධාරණය කළේය. මෙම ආධාර මගින් ශ්‍රී ලංකාව පුරා සිටින ප්‍රජාවන්ට පුලුල් ප්‍රතිලාභ ලබා දීමට තමා කැපවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.