සුරියවැව ප්‍රදේශයේ අදත් වෙඩි තැබීමක්

හම්බන්තොට, සූරියවැව, වැවේගම කැළෑබද ප්‍රදේශයකදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවකු මිය ගොස් තිබෙනවා.

අදාළ ස්ථානයේ සැකකරුවන් දෙදෙනකු රැඳී සිට ඇති අතර, වෙඩි හුවමාරුව අතරතුර එක් සැකකරුවකු පලා ගොස් ඇති බවත්, සැකකරුවන් විසින් එල්ල කළ අත්බෝම්බයක් නිසා STF නිලධාරියකු ද තුවාල ලබා ඇති බවයි සඳහන් වන්නේ.

වෙඩි වැදීමෙන් මිය ගිය සැකකරු, පසුගියදා කොස්ගොඩදී සිදු කළ වෙඩි තැබීමේ සැකකරුවකු වන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

comment loading image මහජන ප්‍රතිචාර

Comments (0)

Your email address will not be published. Required fields are marked *