අධ්‍යාපන පද්ධතියේ ගැටලු විසඳීමට අනුකමිටු හයක් පත් කරයි

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සාකච්ඡා කර නිරාවරණය කර ගැනීම සදහා අනුකමිටු 6ක් පත් කෙරේ.

පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිලිබදව මතු වූ ගැටලු සලකා බලා මෙම කමිටු පත් කිරීමට තීරණය කල බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය,  අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පැවසීය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකමිටුව,   පාසල්වල පවතින මානව හා භෞතික සම්පත් ගුණාත්මකතාවය පිළිබඳ අනුකමිටුව, අතරමැදි ශ්‍රේණි සඳහා පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම පිළිබඳ අනුකමිටුව, අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකමිටුව, උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනුකමිටුව සහ නිපුණතා අධ්‍යාපන අංශය පිළිබඳ අනුකමිටුව එම කමිටු 6 යි.

මන්ත්‍රීවරුන්ගේ යෝජනා සහ අදහස් මෙම  කමිටු හරහා අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කිරීමට හැකියාව ඇත. විශේෂයෙන් ආබාධ සහිත ශිෂ්‍ය ශීෂ්‍යාවන් විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමේදී බලපාන ගැටලු සහ ගුරු පුරප්පාඩු පිලිබදව විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

උපදේශන කාරක සභාවේදී ඒ ඒ දිස්ත්‍රික්කයන් ට අදාල කරුණු මත්‍රීවරුන් විසින් මතු කරනු ලැබුවා. ඒවාට සුදුසු පියවරයන් ගැනීමට සාකච්ඡා වුනා. මෙම උපදේශන කාරක සභා මගින් මන්ත්‍රීවරුන්ට නිලධාරීන් සමග සාකච්ඡා කර ඒ ඒ දිස්ත්‍රික්කයන්හි පවතින ගැටලුවලට මෙම කාරක සභාව මගින් පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාව උදා වෙනවා.

ආණ්ඩුව සහ රාජ්‍ය වියදම් අතර ඒකාබද්ධතවයකින් දිස්ත්‍රික්ක මට්ටමින් සහ ජාතික මට්ටමින් පවතින ගැටලු මෙම කමිටුවට ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබීම වැදගත් බව නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න මහතා මෙහිදී පැවසුවා.

නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පැවසුවේ පාර්ලිමේන්තු උපදේශක සභාව තුල දී එම මොහොතේම ක්ෂණිකව ගත හැකි තීන්දු තීරණ එම මොහොතේම ක්‍රියාත්මක කරන බවයි.

මෙමගින් මැති ඇමතිවරුන් ට තමන්ගේ ප්‍රදේශවල සහ ජාතික ප්‍රශ්න එකම සාකච්ඡා මණ්ඩපයකදී විසදා ගැනීමේ අවස්තාව උදා වෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *