ජගත් පරිසර දිනය වෙනුවෙන් වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

පරිසර සතියේ හයවන දිනය අදයි.

අද වෙරළ පවිත්‍රතා දිනයයි. ඒ නිමිත්තෙන් වැඩසටහන් රැසක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.

මීගමුව කලපුව පවිත්‍ර කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදුවිය.
ඒ සඳහා ගම්පහ අඩවි වන කාර්යාල නිලධාරීන් එක්වුණා.

සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ මූලිකත්වයෙන් ඌරණීය වෙරළ පවිත්‍ර කිරීම සිදු කෙරුණු අතර පේදුරු තුඩුව වෙරළ තීරය පවිත්‍ර කිරීම රාජ්‍ය දැව සංස්ථාව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සිදුවුණා.


ඊට අමතරව උණවටුන වෙරළ තීරය මෝදර, මොරටුව ,කළුතර වෙරළ තීරය, පුත්තලම ,කල්පිටිය, නාත්තන්ඩිය, ගම්පහ ,ගාල්ල වෙරළ තීර පවිත්‍ර කිරීමේ වැඩසටහන්ද මීට සමගාමීව ක්‍රියාත්මක වුණා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *