ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් සඳහා ට්‍රම්ප් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ප්‍රංශයේ ජනපති පවසයි.

ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසනවා.

“විශේෂයෙන් සටන් විරාමයක් ඇති කර ගැනීමට සහ පුළුල් සාකච්ඡා ආරම්භ කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා”

“ඇමරිකා එක්සත් ජනපදයට සටන් විරාමයක් ඇති කර ගත හැකි නම්, එය ඉතා හොඳ දෙයක් වන අතර ප්‍රංශය එයට සහාය දෙනවා ” මැක්‍රොන් සඳුදා (16) කැනඩාවේ කනනාස්කිස් හි පැවති G7 සමුළුවේදී මාධ්‍ය වෙත පැවසීය.

“බලශක්ති, පරිපාලන සහ යටිතල පහසුකම්වලට එරෙහිව සහ ඊටත් වඩා සිවිල් ජනතාවට එරෙහිව දෙපැත්තෙන්ම එල්ල වන සියලුම ප්‍රහාර නතර කිරීම අත්‍යවශ්‍යයි” ඔහු තවදුරටත් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *