ජගත් පරිසර දිනය වෙනුවෙන් කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් සිදුකරයි.

මෙය ජගත් පරිසර දිනය වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන මගින් ආරම්භ වේ.

මෙය පැල සිටුවා රැකබලාගැනීමේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරේ. කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දෙසට ඇති කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ පැල සිටුවීම ආරම්භ කර ඇත.
“තක්කඩ පැල” 1600 ක් සිටුවීම අරම්භ කෙරුණා.

ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය යටතේ පැළ හය දහසක් දක්වා සිටුවීමට සැලසුම් කර ඇත. රාජ්‍ය, පෞද්ගලික හා මහජන සහභාගිත්වයෙන් මෙය ක්‍රියාත්මක වේ.

කොළඹ නාගරික මන්ත්‍රී ව්‍රායි කලී බල්තසාර්, ජී.එම්. ආර්. ඩී. අපොන්සු යන මහත්ම මහත්මීන් සහ අනුග්‍රහක ආයතන වල නිලධාරින් මීට එක්ව සිටියහ.

Comments (0)

Your email address will not be published. Required fields are marked *