1986 දී ආරම්භ කරන ලද වියට්නාමයේ ප්‍රතිසංස්කරණවලට සමාන්තරව, රට සමාජවාදී-නැඹුරු වෙළඳපළ ආර්ථිකයකට පරිවර්තනය කරමින්, ශ්‍රී ලංකාව එහි නවීකරණය සඳහා පියවර ගනිමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
වියට්නාමය සහ ශ්‍රී ලංකාව සමඟ ආර්ථික සහයෝගීතාව, රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සහ සංස්කෘතික හුවමාරුව කෙරෙහි අවධානය යොමු කරන බවයි ඇමතිවරයා පැවසූවේ.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට සහ ශක්තිමත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
වියට්නාමයේ හිටපු ජනාධිපති හෝ චි මිං (Ho Chi Minh) පිළිබඳ වූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පසුගිය දා බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ සුගීශ්වර ශලාවේ දී පැවැත්වුණා.
දේශපාලන මණ්ඩල සභික, පක්ෂ මධ්‍යම කාරක සභා ලේකම්, වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රචාරණය, අධ්‍යාපනය සහ මහජන බලගැන්වීම පිළිබඳ කොමිසමේ ප්‍රධානී Nguyen Thanh Nghi විසින් විශේෂ දේශනය සිදු කරනු ලැබුවා.
“ජනාධිපති හෝ චි මිං සහ වියට්නාමය, ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය” නමින් දේශනයක් පැවැත්වුණා.
මෙම උත්සව අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකාවේ වියට්නාම, රුසියන්, කියුබා සහ චීන තානාපතිවරුන්, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී.වීරසිංහ මෙන් ම ශ්‍රී ලංකාවේ පක්ෂ රැසක නායකයින්, හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මීට එක්ව සිටියහ.