අද දහවල් 12.00 සිට සිදුකිරීමට සැලසුම් කරතිබූ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය වර් ජනය සිදුනොකරිමට දුම්රිය රියදුරන්ගේ සංගමය තීරණය කරයි.
එම සංගමයේ ලේකම් චන්දන වියන්දුව මහතා චනෙල් 7 වෙත ප්‍රකාශකලේ ,දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමග පවතී සාකච්චාවකින් පසුව මෙම තීරණය ගත් බවයි.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පවතින අනාක්ෂිත බවට හේතුවූ තාක්ෂණික ගැටළු විසදන බවට දුම්රිය සාමාන්යධිකාරිවරයා පොරොන්දුවීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ .
මෙම දුම්රිය මාර්ගයේ ඊයේ දින සිදුවිමටගිය අනතුරක් වලක්වාගනිමෙන් පසු ඇතිවූ වාතාවරණය මත මෙම වර් නය සංවිධානය කර තිබුණි. මහජනතාවගේ සහ දුම්රිය සේවකයන්ගේ ආරක්ෂාව සම්බන්දයෙන් කලක සිට පවතින ගැටලු වලට විසදුම් ලබාගැනීම මෙහි අරමුණ වූ බව ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කරණ ලදී.