“ප්‍රජා සුවදැක්ම 2025” හෙට (7 ) ආරම්භවේ

“ප්‍රජා සුවදැක්ම 2025” හෙට (7 ) ආරම්භවේ. එය දවසපුරා කොළඹ විහාරමහාදේවි උද්‍යනයේදී පැවැත්වේ.

සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම එහිදී සිදුවේ. සුව සතුටින් පිරි දිවියකට ජනතාව හුරුකිරීම ප්‍රදර්ශනයේ අරමුණයි.

ශ්‍රීලංකා ප්‍රජා වෛද්‍ය වරුන්ගේ විද්‍යාලය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා එක්ව ප්‍රදර්ශනය සංවිධානය කරයි.

උදෑසන 7.30 ට දැනුවත් කිරීමේ පාගමන නිදහස් චතරශ්‍රයෙන් ආරම්භවී විහරමහාදේවී උද්‍යානය තෙක් ගමන්කරයි.

උදෑසන 9.30 ට ප්‍රදර්ශනය ආරම්භවේ . අධ්‍යාපන කුටි, සුවතා වැඩමුළු, ළමා චිත්‍ර ප්‍රදර්ශන ආදිය ඊට ඇතුලත්ය . නොමිලේ සෞඛ්‍ය පරීක්ෂණ කරගැනීමට ද මෙහිදී අවස්ථාව සැලසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *