ගාසා තිරයේ යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශවල මානුෂීය තත්ත්ව විනාශකාරී මට්ටමක

ගාසා තිරයේ යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශවල මානුෂීය තත්ත්වය මහා විනාශකාරි මට්ටම් කරා ළඟා වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගාසා නගරය සහ ඒ අවට ප්‍රදේශ පුරා ආහාර සහ පිරිසිදු ජලය හිඟ වෙමින් පවතින අතර, මිලියන භාගයකට ආසන්න ජනතාවක් සාගතයකට මුහුණ දෙන බව ජාත්‍යන්තර ආධාර ආයතන අනතුරු අඟවා තිබෙනවා.

සෞඛ්‍ය සෙවකයන්ට අනුව ඉරිදා, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර සහ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් ළමුන් හා සහනා ආධාර පතන්නන් ඇතුළු අවම වශයෙන් 51 දෙනෙකු මියගොස් තිබෙන බවයි වාර්තාවන්නෙ .
මිට අමතරව, ඇසින්දුටු සාක්ෂිකරුවන් ප්‍රකාශකර ඇත්තෙ සහනාදාර ආහාර බෙදා හැරීමේ ස්ථාන වෙත ළඟා වීමට උත්සාහ කරන අතරතුර පලස්තීන ජාතිකයින් හතර දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ බවයි.
වෛද්‍ය සේවා බිඳ වැටීමට ආසන්නව ඇති අතර, ප්‍රමාණවත් විදුලිය, ඖෂධ හෝ සැපයුම් නොමැති තත්වයන් යටතෙ රෝහල් ක්‍රියාත්මක වේ.


ජනාකීර්ණ සහන කදවුරු තුළ පාචනය සහ හෙපටයිටිස් වැනි බෝවන රෝග පැතිරෙමින් පවතින බවයි වාර්තාවන්නෙ.
2023 ඔක්තෝබර් මාසයේ යුද්ධය ආරම්භ වූ දා සිට, මේ වනවිට පලස්තීන ජාතිකයින් 62,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර ඉන් සියයට 80 කට වැඩි පිරිසක් සිවිල් වැසියන් බවයි වාර්තා පෙන්වා දෙන්නේ.
ඊශ්‍රායලය පවසන්නේ තමන් සටන් කරන්නෙ තම ප්‍රහාර හමාස් සංවිධානය ඉලක්ක කරගෙන බවයි. ඔවුන් දරුනු දේශසීමා ප්‍රහාර එල්ල කරන බ්වත් ප්‍රාණ ඇපකරුවන්විශාල ප්‍රමානය රදවාගන සිටින බවත්ය.
මේ අතර, ලොව පුරා ගාසා තිරයෙ සිදුවන බිහිසුනු තත්වය සමතයකට පත්කිරිමට , වහාම සටන් විරාමයක් සහ අසීමිත මානුෂීය ප්‍රවේශයක් ඉල්ලා සිටිමින් සිදුකෙරෙන ජාත්‍යන්තර බල පෑම් වැඩිවෙමින් පවතිනවා.
අයර්ලන්තය, ඊජිප්තුව සහ අනෙකුත් ජාතීන් මෙය “මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීම්” ලෙස විස්තර කරන අතර ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස යුරෝපා සංගමයට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලපෑම් කරමින් සිටී.

Comments (0)

Your email address will not be published. Required fields are marked *