රජයේ රෝහල්වල පවතින පොරොත්තු ලේඛන අවම කිරීමට පියවර

රජයේ රෝහල්වල පවතින පොරොත්තු ලේඛන අවම කිරීමට කටයුතු කරන බව ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ යටතේ රජයේ රෝහල්වල ඇසේ සුද ඉවත් කිරීමට ශල්‍යකර්මය සඳහා පවතින පොරොත්තු ලේඛනා අවම කිරීමේ වැඩපිළිවෙල ඊයේ මාතර මහ රෝහලින් ආරම්භ කෙරුණි.
එය “Gift of Vision Sri Lanka” ලෙස නම් කර ඇත.

දින දෙකක් පුරා ඇසේ සුද ඉවත් කිරීමේ සාර්ථක ශල්‍යකර්ම හාරසියයක් මාතර රෝහ‍ලේදී සිදු කර තිබේ.පොරොත්තු ලේඛනයේ සිටින ගණන දෙදහසක් පමණ වේ.

ඖෂධ භාවිතය සහ උපදේශන කටයුතුද මෙහිදී ලබා දෙනවා.ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය මූල්‍ය දායකත්වයෙන් සිදු කෙරිණි. මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාශ නිලධාරීන් ද එක්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *