මෙවර අය වැය මඟින් වෙන්කල මූල්‍ය ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති වල ප්‍රගතිය සමාලෝචනය වල සාකච්ඡාවක් අද ජනාධිපති කාර්‍යලයේදී පැවැත්විණි.
සාකච්ඡා ව පැවත්වුනේ ජනාධිපති අනුර කුමාර මහතාගේ ප්‍ර්ධානන්තවයෙන් . මෙහිදි සෑම ව්‍යාපෘතියක්ම සැලසුම් කර පරිදි නියමිත කාලපරිච්ඡේදය තුළ අවසන් කිරීමට කටයුතු කරන ලෙස අදාල නිලධාරීන්ට ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා.
ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට ශ්‍රි ලංකාව පත් කිරීමෙ අරමුණු ඇතුව ක්‍රියාත්මක කෙරෙන ව්‍යාප්ති කිහිපකයක් පිලිබදව මෙහිදි සාකච්ඡාවට ලක් වුනා. කොලඹ දිස්ත්‍රික්කයේ ඇල මාර්ග පවිත්‍රතා සඳහා කසල කලමණාකරන ව්‍යාපෘති , ජල ව්‍යාපෘති සහ නිවාස ආධාර ව්‍යාපෘති වල ක්‍රියාකාරීත්වය සහ වත්මන් ප්‍රගතිය මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.
නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමත්‍ය අනුර කරුණාතිලක, ජනාධිපති ලේකම්, ආචාර්‍ය නන්දික සරත් කුමාර්නායක යන මහත්වරු ඇතුලු අමාත්‍යංශ කිහිපයක නිලධාරී එක්ව සිටියා.