මෙවර අය වැය මූල්‍ය ප්‍රතිපාදන යටතේ ප්‍රවාහන , මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අම්ත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති වල ප්‍රගතිය සමාලෝචනය කෙරේ.
සමාලෝචන සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායගේ ප්‍රධානන්ත්වයෙන් පැවැත්වුනේ ජනාධිපති කාර්‍යාලයේදී.මුල්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් මහමාර්ග හා ප්‍රවාහන ක්ශෙත්‍රයට අදාලව ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති පිලිබදව අදාල නිලධාරී විසින් ජනාධිපතිවරයාව දැනුවත් කරන ලදි. ව්‍යාපෘති වල වත්මන් තත්වය සහ ඒවා ක්‍රියාවට නැංවීමේදී මතුව ඇති ගැටලු පිලිබදව මෙහිදි සාකච්ඡා කෙරිණි.
සාකච්ඡාවේදී ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීම පිලිබදව වැඩි අවධනායක් යොමු කරන ලෙස ජනාධිපතිවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ප්‍රාවහන, මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක , ජනාධිපති ලේකම් ආචාර්‍ය නන්දික සනත් කුමාර යන මහත්වරු ඇතුලු අමාත්‍යංශ කිහිපයක නිලධාරී මෙම අවස්තාවට එක් විය.