
මෙම වසරේ මුල් මාස 5 තුළ චීනයේ විදේශ වෙළඳාම සවිමත් අයුරින් වර්ධනය වී ඇතැයි චීන රේගු මහා පරිපාලනය පවසයි.
එම පරිපාලනය (09) නිකුත් කළ දත්තවලට අනුව, එම කාලය තුළ, භාණ්ඩ අපනයන හා ආනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 18ක් පමණ වී ඇත. වසරින් වසරට එහි 2.5%ක වර්ධනයක් පෙන්නුම් කෙරේ.
මැයි මාසය තුළ, චීනයේ අපනයන හා ආනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 3.8 ඉක්මවා, පසුගිය වසරේ එම කාලයට වඩා 2.7%කින් වර්ධනය වී ඇත. ඒ අතරින්, අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 2.3කි. එහි වාර්ෂික වර්ධනය 6.3%ක් වේ. ඊට දායක වූ ආසියාන් සංගමය, යුරෝපා සංගමය, අප්‍රිකාව, මධ්‍යම ආසියානු රටවල් පහ කෙරෙහි සිදු කර ඇති අපනයන වටිනාකම් කැපී පෙනෙන ලෙස වර්ධනයන් පෙන්නුම් කිරීම විශේෂත්වයකි.
මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා චීන ආර්ථිකය අඛණ්ඩ ව යහපැවැත්මක් පෙන්නුම් කර ඇත. බාහිර පීඩා හමු වුවද භාණ්ඩ වෙළඳාම ඉහළ නම්‍යශීලිත්වයක් පවත්වාගෙන යාම කැපී පෙනේ.
-CGTN Sinhala