ජාතික වෙසක් සතිය හෙටින් (10) ආරම්භ වනවා.

එය ලබන 16 වැනිදා දක්වා ක්‍රියාත්මක බව
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී සේනාධීර මහතා සඳහන් කලා.

කළණ මිතුරන් ඇසුරු කරමු යන්න මෙවර ජාතික වෙසක් සතියේ තේමාවයි

සමාරම්භක උත්සවය හෙට පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවර එළිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

නුවරඑළියේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය හා අනුරාධපුරය දක්වා යන සැදැහැවතුන් වෙනුවෙන් අද සිට ලබන 13 වනදා දක්වා විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව
පැවසුවා.

වෙසක් උත්සවයට සමගාමීව සිතුල්පව්ව සහ තිස්ස මහාරාම රජමහා විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිත ආගමික වතාවත් පිළිබඳ සාකච්ඡාවක් 8/5/2025 වන දින එනම් ඊයේ පෙරවරුවේ පැවැත්වුණා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාව, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

කතරගම සිට සිතුල්පව්ව දක්වා මාර්ගය කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගන්නා ලෙස සිතුල්පව්ව රජ මහා විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය ලේල්වල සමිත හිමියෝ ඉල්ලා සිටියා.

මෙම උත්සව සඳහා සහභාගී වීමට අපේක්ෂිත බැතිමතුන් විශාල පිරිසකට අවශ්‍ය පහසුකම් සලසා දීමට රජය විසින් පියවර ගන්නා බව ජනාධිපති ලේකම් , ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළා.

වෙසක් සතියේ දින තුනක් දිවයිනේ සුරාසැල් හා මස් අලෙවි සැල් වසා තැබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *