මේ වන විට රට පුරා පැවති වෙඩි තැබීම් හා ඝාතන සිදුවීම් විශ්ලේෂණය කිරීමේදී බොහෝ අපරාධකරුවන් ඉතාමත් සූක්ෂම අන්දමින් සිය අනන්‍යතාවයන් සැඟවීමට සම්පූර්ණ ලෙස මුහුණු ආවරණය කරමින් හිස්වැසුම් පැළඳ එම අපරාධයන් සිඳුකර ඇති බව මේ දින වල සංසරණය වන cctv දර්ශන වලින් සනාථ වී තිබේ.
ඒ හේතුවෙන් මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් යතුරුපැඳියක් පැදවීමකින් තොරව සම්පූර්ණ මුහුණු ආවරණ සහිත හිස් වැසුම් පැළඳ සිටින්නේ නම් හෝ සැක සහිත අන්දමින් යම් පුද්ගලයෙකු හැසිරෙන්නෙ නම් එම පුද්ගලයා පරීක්ෂා කිරීමටද ඔවුන්ගේ අනන්‍යතාවයන් තවුරු කළ නොහැකි වුවහොත් අත් අඩංගුවට ගැනීමට වහාම පියවර ගන්නා ලෙස පොලිස් මූලස්ථානය සියලුම පොලිස් නිළධාරීන්ට උපදෙස් ලබා දී ඇත