) ඉන්දිය පකිස්තාන
නොවිසදුන දිගුකාලීන අර්බුද මැද ඉන්දියාව සහ පකිස්ථානය ඔවුන්ගේ නිදහස් දිනයන් සමරනු ලැබුවා.
පාකිස්තානය ඊයෙ සිය ජාතික දිනය සැමරු ඇතර අද ඉන්දියාව අභිමාන වත් ලෙස සිය ජාතික දිනය අද සමරනු ලබුවා.
නවදිල්ලියේදී, අගමැති නරේන්ද්‍ර මෝදි ඓතිහාසික රතු කොටුවේ සිට ජාතිය අමතමින් ජාතික එකමුතුකම, ආර්ථික වර්ධනය සහ තාක්ෂණික ප්‍රගතිය අවධාරණය කරමින් අදහස් ප්‍රකාශ කලා. 78 වන නිදහස් දින සැමරුමට සුවිසල් හමුදා පෙළපාළියක්, සංස්කෘතික රංගනයන් ඇතුලත්ව තිබුනා . සින්ඩුර් ගැටුම් වලට එක්වු හමුදා සෙබලුන්ට උපහාර දැක්වීමක් ද සිදුවුනා .මෝඩි ඉන්දියාවේ ගෝලීය අභිලාෂයන් ඉස්මතු කරමින් ප්‍රකාශ කලෙ
“ඉන්දියාව නවෝත්පාදනය, සාමය සහ ඔරොත්තු දීමේ හැකියාව තුලින් ලෝකය ඉදිරියට යනු ඇති බවත් අපගේ අනාගතය අපගේ ධෛර්යය තරම්ම අසීමිත ,බවත් ඔහු ප්‍රකාශකලා .
පකිස්ථානය සුපුරුදු පරිදි නිදහාස්දින සැමරුම ඇභිමානවත් ලෙස පැවැත්වුවා. ධජය එසවීමේ උත්සව, දේශප්‍රේමී ගීත සහ ගිනිකෙළි ඊට ඇතුලත්. ඉස්ලාමාබාද්හි, ජින්නා සම්මේලන මධ්‍යස්ථානයේ පැවති දේශනය අතරතුර අගමැති ෂෙබාස් ෂරීෆ් ජාතික සමගිය සහ ආර්ථික ප්‍රතිසංස්කරණයන් හි ඇවශ්‍යතාව ව අවදාරනය කලා. ඔහු කාශ්මීර ගැටලුව පිළිබඳව අවදානය යොමු කරමින් ඔහු ප්‍රකාශකලෙ :
“කාශ්මීර ජනතාවගේ අරගලය පකිස්ථානයේ හදවතට සමීපව පවතින්නක් බවයි. එහිදි කලාපයේ සාමය සහ යුක්තිය සමඟ එය් ඉදිරියට යායුතු බවත් අවදාරනය කලා.